ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සතියේ පැවැත්වෙන පාස්කු දේව මෙහෙයන් පිළිබඳව ‛ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ දේව මෙහෙයන් සංවිධාන කාර්යාලය’ මගින් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයට අනුව අප්‍රියල් 1 වෙනි මහ බ්‍රහස්පතින්දා අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය සැමරීමේ දිව්‍ය පූජාමෙහෙය සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පැවැත්වෙනු ඇත.
ජේසුස් ස්වාමින්වහන්සේගේ කුරුසියේ මරණය සිහිපත් කිරීමේ දුක්ප්‍රාප්ති දේව මෙහෙය අප්‍රියල් 2 වෙනි මහා සිකුරාදා සවස 3 ට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දේව මන්දීරය තුල දී යි.
අප්‍රියල් 4 වෙනි පාස්කු ඉරුදින දිව්‍ය පූජා මෙහෙය, සවස 6 ට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දේව මන්දීරයේ දී ආරම්භවනු ඇත.
දැනට පවතින වසංගත තත්වය නිසා රජයෙන් පනවා ඇති සෞඛ්‍ය උපදෙස් අනුව සැදැහැවතුන් කටයුතු කිරීමට කාරුණික වන්න.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ආශ්චර්යවත් දෙව් මවු ප්‍රතිමාව පාමුළ මාසිකව පැවැත්වෙන ජපමාල උච්චාරණය (මහ සිකුරාදා දිනයට පසුදා) අප්‍රියල් 3 වෙනි සෙනසුරාදා දින නොපැවැත්වෙන අතර කටුනායක අප ස්වාමිදුවගේ ආශ්චර්යවත් ප්‍රතිමාව එදින ජනතාව හමුවට වැඩමවනු නොලැබේ.
අප්‍රියල් මාසයට නියමිත මාසික ජපමාල උච්චාරණය අප්‍රියල් 10 වෙනි සෙනසුරාදා සවස 6 ට ආශ්චර්යවත් දෙව් මවු ප්‍රතිමාව පාමුළ පැවැත්වෙනු ඇත.