විශේෂ වරප්රසාද දායක දින පහෙන් සතරවන දිනය වන ලබන සැප්තැම්බර් 1 වෙනි සෙනසුරාදා සවස 6 ට, අභිනව දර්ශණ දේව මන්දීරය තුල ප්රථම ජපමාල උච්චාරණය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන අතර, ජපමාල උච්චාරණය අවසානයේ, දර්ශණ දේව මන්දීරයට ඇතුළු වී, ඔබගේ ඉල්ලීමත් රතු පෙට්ටිය තුලට දැමීමට අවස්ථාව ලැබෙනු ඇත. සැප්තැම්බර් 1 වෙනි සෙනසුරාදා සවස නව දර්ශණ දේව මන්දීරයේ, ප්රධාන පූජාසනයට ඉහළින් වැජඹෙන නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න පළඳවා ඇති නිර්මල මෑණියන් පාමුල තබා ඇති රතු පෙට්ටිය තුලට ඔබගේ ඉල්ලීම ලිවූ ලිපිය දැමීමට ඔබට අවස්ථාව හිමි වෙන අතර, මේ සඳහා ලැබෙන කාලය පැයක් පමණයි. ඒ නිසා කල්වේලා ඇතිව පැමිණ දර්ශණ භූමියේ රැඳී සිටීම වැදගත්.
පසුගිය අගෝස්තු 11 වෙනි දින සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අභිනව දර්ශණ දෙව් මැදුර ඇතුලත ආසිරි ගන්වනු ලැබූ අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි