මේ ලෝකයට උපදින සෑම මිනිහෙක්ම උපදින්නේ පව්කාරයෙක් හැටියටයි. නියම ශුද්ධවන්තයෝ ඉපදෙනවනම් ඒගොල්ලෝ ඉපදෙන්නේ මැරිලා. මේක මගේ පුද්ගලීක අදහස. කෙටියෙන් කියනවානම් මේ ලෝකයේ ජීවත් වෙච්ච නොම්මර එකේ ශුද්ධවන්තයා කවුද? එයාව මිනිස්සු කුරුසේ ඇණ ගහලා මැරුවා. ඒ හැරුණු කොට අපි ඔක්කෝම පව්කාරයෝ. අපි ඔක්කෝම ආදම් සහ ඒවගේ පව්කාර, කටකාර දුවලා, පුත්තු. ඔයගොල්ලෝ මේ පල්ලියට ඇවිල්ලා පාපයට භය වෙලා, ඒ අනුව ජීවත් වෙන්ඩ ආරම්භ කරන්ඩ. පාපයට වැටෙන හැම මොහොතකම ජයග්‍රාහීව නැගිටින්ඩ. නැගිටලා ක්‍රමක්‍රමයෙන් ශුද්ධවන්ත මාර්ගයට යන්ඩ. බලන්ඩ ක්‍රිස්තුස් වහන්සේ වරක් කිව්වා මෙන්න මේ විදිහට. ‛‛මනස්ථාපනය වීමට උවමනා ව නැතැයි සිතන සිල්වතුන් අනූ නව දෙනෙකුට වඩා, මනස්ථාපනය වන එක පව්කාරයකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.’’ (ශු. ලූක් 15/7) මේ ක්‍රිස්තුස් වහන්සේගේම වචනයි. බලන්න අපි හුඟක් වෙලාවට අනික් කෙනාට චෝදනාව ඉදිරිපත් කරනවා. උඹ තමයි පව්කාරයා, මම හරි ශුද්ධවන්තයි. නමුත් ක්‍රිස්තුස් වහන්සේ කියනවා, එහෙම නොවෙයි. තමන් මනස්ථාපනය වෙන්ඩ ඕනා කියලා හිතන එක පව්කාරයෙක් ගැන ස්වර්ග රාජ්‍යයෙහි ප්‍රීතිය ඇති වෙනවා කියල. අර මනස්ථාපනයක් වෙන්ඩ උවමනා නැතැයි කියන සිල්වතුන් අනූනම දෙනෙකුට වඩා. මොකද උන්වහන්සේ දන්නවා සිල්වතුන් ලෝකේ නෑ. ඔක්කොම දෙනා ක්‍රමක්‍රමයෙන් ශුද්ධවන්ත මාර්ගයට පැමිණෙන අයයි සිටින්නේ. ගිය අවුරුද්දේ පව් දහයක් කරපු මිනිහා. මේ අවුරුද්දේ එක පාපයක් කිරීම අතහැරියොත් කරන පවු නමයකට බහින්ඩ පුළුවන්. ඊට පස්සේ පවු අටකට යනවා. පාපයට ක්‍රමයෙන් භය වෙමින් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ඇදෙනවා. ඒකයි ක්‍රිස්තුස් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒ මාර්ගයෙනුයි ස්වර්ග රාජ්‍යය අපි සොයාගෙන යන්නේ.

 

(2011 ඔක්තෝම්බර් 8 වෙනිදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පවත්වනු ලැබූ දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාද මෙහෙයේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ බැතිමතුන් අමතා පවත්වනු ලැබූ දේශණයෙන් කොටසකි)