අප දන්නා ඉතිහාසයේ ප්‍රථම වරට තනි පුද්ගලයකුගේ පුද්ගලීක වියදමින් නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වෙනුවෙන් තනනු ලැබූ නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න 2017 අප්‍රියල් 29 වෙනි දින සවස, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ දෝතින් නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ සිරසට පළඳවනු ලැබීය.
මෙතරම් අධික මිළකින් යුතු වෙවැනි ඔටුන්නක් දෙව් මවුන්ගේ ප්‍රතිමාවකට පළඳවනු ලැබූ ලොව ප්‍රථම අවස්ථාව මේ විය හැකියි.
ලොව විවිධ දේශයන්හි නිර්මල කන්‍ය මරිය තුමියගේ දර්ශණයවීම් පිළිබඳව අපි අසා ඇත්තෙමු. එම ස්ථානවල මෙන්ම, එම ස්ථාන සිහිවීම පිණිස වෙනත් ස්ථානවල තනනු ලැබූ දෙව්මැඳුරු සහ සිද්ධස්ථානවල නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාවන්ට රත්තරන් ඔටුණු පළඳා ඇති අයුරු අපි දැක ඇත්තෙමු. එහෙත් ශ්‍රී ලංකාවේ දී නිර්මල කන්‍ය මරිය මාතාවෝ දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අප්‍රියල් 29 වෙනි දින සවස නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ ප්‍රතිමාවට නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්නක් පැළඳවීම පැති ගණනාවකින්ම විශේෂත්වයක් ගනී.
මෙම නිල් මැණික් රත්තරන් ඔටුන්න සෑදීම සඳහා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා තම සැදැහැවතුන්ගෙන් ආධාර ඉල්ලා සිටියේ නැත. උන්වහන්සේ තම සැදැහැවතුන්ගෙන් එවැන්නක් සඳහා ආධාර කරන ලෙස ඉල්ලා සිටියා නම්, උන්වහන්සේට ඕනෑ තරම් මුදල් එක්කාසු කර ගැනීමට පමණක් නොව අයුතු ලෙස ගසා කෑමට ද මුදල් ලබා ගත හැකිව තිබුනි. අප්‍රියල් 29 වෙනි දින සවස දෙව් මවුන්ට පළඳවනුලැබූ මෙම නිල් මැණික් රත්තරන් ඔටුන්න සඳහා මුළු මුදල දැරුවේ එකම එක පුද්ගලයකු විසිනි. ඒ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝයි. මේ වන විට නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් සියැසින් දැකගනු ලැබුවේ ද උන්වහන්සේ විසිනුයි.
ලූර්දු, පාතිමා වැනි ලොව විවිධ දේශයන්හි දී නිර්මල කන්‍ය මරිය තුමියව දැක ගැනීමට භාග්‍ය ලැබූ කිසිවෙකුටවත් ඔවුන් සියැසින් දුටු දෙව් මවුන්ගේ ප්‍රතිමාවකට කුමන ආකාරයක හෝ ඔටුන්නක් පැළඳවීමට අවස්ථාවක් ලැබුනේ නැත. හේතුව එවැන්නක් සිදු කිරීම අනවශ්‍ය බව ඔවුන් ප්‍රකාශ කල නිසා නොවේ. ඒ සඳහා ඔවුන්ගේ සිත තුල කැමැත්තක් තිබුණත්, එම දර්ශණ සිදුවන කාලයේ ඔවුන්ව දැඩි පීඩනයන්ට හසු කර තිබුන නිසාවෙනි. ඔවුන් සැවොම ඉතා දිළිඳු පවුල්වල දරුවන් වීම නිසා එදා තත්වය බොහෝ බරපතල විය.
නමුත් ශ්‍රී ලංකාවේ දී නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වීම සඳහා අනුගමනය කරනු ලැබුවේ අළුත්ම ක්රමයකි. පෙර දර්ශණවල දී සිදුවූ දෙයින් එතුමිය පාඩමක් ඉගෙන ගත්තා සේ, මෙවර එතුමිය ශ්‍රී ලංකාවේ දී දර්ශණය වූයේ, ධනවත් දෙමාපිය යුවලකගේ පුත්‍රයෙක් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ටය. ඒ නිසාම සිය පුද්ගලීක මුදලින් මෙතරම් වටිනා ඔටුන්නක් දෙව් මවුන් වෙනුවෙන් සාදවා පමණක් නොව නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ ප්‍රතිමාවකට නිල් මැණික් රත්තරන් ඔටුන්නක් පළඳවා උපහාර දැක්වූ, නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දුටු ප්‍රථමයා බවට ද උන්වහන්සේ පත් විය.
තවද නිර්මල කන්‍ය මරියතුමියගේම ඉල්ලීමක් නිසා ඉදිකරනු ලැබූ ලොව පස්වන දේව මන්දීරය වූ ‛දර්ශණ දෙව්මැඳුර’ සඳහා ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා රුපියල් ලක්ෂ අටසියයක් හෙවත් රුපියල් කෝටි අටක් තම පුද්ගලීක මුදලින් යොදවා නිර්මල කන්‍ය මරිය තුමිය වෙනුවෙන් අලංකාර දෙව්මැඳුරක් සාදනු ලැබුවේ ද නිර්මල කන්‍ය මරියතුමියගේම ඉල්ලීමක් ඉටු කරනු පිණිසය. එතුමියගේ ඉල්ලීමක් මත ඉදිවූ ලෝකයේ 5 වන දෙව්මැඳුර වන්නේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ඉදිකර ඇති ‛දර්ශණ දෙව්මැඳුරයි’. මෙම දර්ශණ දේව මන්දීරය සම්පූර්ණයෙන්ම වායු සමනය කර ඇති අතර, වායු සමනය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ (සමරවිට ලෝකයේම) පළමුවන දෙව්මැඳුරයි.
2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස, ‛‛ජේසු බිළිඳුන් සමගින් දෙව් මවු’’ ප්‍රතිමාවට නිල් මැණික් සහිත රත්තරන් කිරුළ පළඳවනු ලැබූ දේව මෙහෙයේ දී, අධික වටිනාකමකින් යුතු නිල් මිණි රන් කිරුළ දර්ශණ දෙව්මැඳුරේ සිට සැදැහැ ජනතාව අතරින් දැඩි ආරක්ෂාව මධ්‍යයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙත රැගෙන එනු ලැබුවේ අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා විසිනි. අපොස්තලික ලේකම් අශෝක ප්‍රනාන්දු මහතා ද ඒ සමගම විය. මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ එම අවස්ථාවයි