නිර්මල කන්‍ය මරිය මවු තුමිය විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය බොහෝ හාස්කම් සහිත සිද්ධස්ථානයකි. ජාති ආගම් ආදී කිසිදු භේදයකින් තොරව ජනතාව, මෙම සිද්ධස්ථානයේ දෙව් මවු පිළිරුව පාමුළ දනගසන්නේ, ස්වර්ගයේ සිට අප දෙස බලා සිටින දේව මෑණියන් කෙරෙහි දැඩි විශ්වාසයකින් පමණක් ම නොවෙයි, එතුමිය කෙරෙහි දැඩි ආදරයකින් ද යුතුවයි. ඒ නිසාම අළුත් වර්ෂයක් උදාවන මොහොතේ, මේ පිං බිමේ ගත කර, මේ මහා පොළව මත ජීවත්වන එකම එක අපොස්තුළුතුමාණන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ආශිර්වාදය ලබා ගන්නට ද ඔවුන් දක්වන්නේ දැඩි උනන්දුවක්. උන්වහන්සේගේ අපොස්තලික ආශිර්වාදයේ මහිමය අත්දැකීමෙන් ම වටහා ගෙන ඇති බැතිමතුන්, නව වර්ෂයක උදාවේ දී, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ආශිර්වාදය පමණක් නොව උන්වහන්සේගේ සුරත සිප ගන්නා තෙක්, සිද්ධස්ථාන භූමියෙන් පිටතට අඩියක්වත් නොතැබීම විශේෂත්වයක්. බොහෝ විට සෑම සති අන්තයකම ලැබෙන මෙම අවස්ථාවේ දී සැදැහැවතුන් මෙලෙස කරනු ලැබීම දැකගත හැකියි. නව අවුරුද්දක් ආරම්භ කරමින් සැදැහැ ජනතාවට ආශිර්වාද පතන දිව්‍ය පූජාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ අවවාද වලට සවන් දීමට ද සැදැහැවතුන් දක්වන උනන්දුව ඉතා ඉහළයි. 2017 නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජා මෙහෙයේ දී ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සැදැහැ ජනතාවට තවදුරටත් මෙලෙස ප්‍රකාශ කරනු ලැබූ සේක.
‛‛බලන්ඩ යම්කිසි කෙනෙක් රිය අනතුරකට පත් වුණා කියන්න. ඔයගොල්ලෝ මොනවද සමහර විට එකපාරටම කියන්නේ? ‛‛ඔය මනුස්සයාට ඔහොම වෙලා මදි. ඔය එදා මට කිව්ව දේ තමයි ඔය මනුස්සයාට වුණේ.’’ නැත්නම්, ‛‛අහවලාට කරපු දේ තමයි ඔය වුණේ.’’ ඔයගොල්ලන්ට sure ද? ස්ථීරද? ඔයගොල්ලන්ට කරපු දේටයි ඒ දඩුවම කියලා. නැත්නම් අහවලාට කිව්ව දේට, කරපු දේටයි ඒ දඩුවම කියලා. නෑ. ඔයගොල්ලෝ විනිශ්චය කරනවා. ඒවා දෙවියන්ට අයිති වැඩ. නැත්නම් ඒ පිළිබඳව ආත්ම විසඳීමේ බලය තියෙන පුද්ගලයෙක් අන්න කියයි. මොකක්ද ඒ දඩුවමට හේතුව කියලා. නමුත් ඔයගොල්ලෝ එහෙම කියලා සන්තෝෂ වෙනවා. බලන්ඩ ආරංචි වෙන්ඩ යම් මිනිහෙකුට පිළිකාවක් කියලා. ඒ මනුස්සයා වෙනුවෙන් දුක් වෙන අය ඉන්නවා වගේම, ඒක අහලා සතුටු වෙන අය නැද්ද?. කියන්නේ නැද්ද ඔය ගෑනිට ඔහොම වුනා මදි? ඔහොමම තමයි වෙන්ඩ ඕනා. ඇයි ඒ ගෑනු කෙනාට උණ හැදිලයි කියලා ආරංචි වුනානම් එහෙම කියන්නෑනේ. පිළිකාවක් කියලා කිව්වොතින් දන්නවා ඒ ගෑනුකෙනා පළවෙනියෙන් මානසිකව වැටෙනවා. ඊළඟට ඒ ගෑනුකෙනා දුක් විඳලා මැරෙනවා. අන්න ඒ කොටසටයි ඔයගොල්ලෝ කැමති වෙන්නේ. මෙහෙම වෙන්නේ ඇයි? මෙහෙම හිතෙන්නේ ඇයි? ඇයි මෙහෙම මිනිස්සු දඩුවම් ඉල්ලන්නේ? හේතුව මිනිසාගේ සිතේ තියෙන ප්‍රශ්නයක්. සිතේ තියෙන දුෂ්ඨකමක්. සිතේ තියෙන ක්‍රෝධ, වෛර ගතිය නිසා තමයි.’’
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේ විශේෂ මණ්ඩපයක සිට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2017 වර්ෂයට ආසිරි පතමින් පවත්වනු ලැබූ නව අවුරුදු දිව්‍ය පූජා මෙහෙයේ විවිධ අවස්ථා කීපයක් මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි