නිර්මල කන්‍ය මරිය තුමිය ගැන බොහෝ විශ්වාස ගෞරව බහුමානයෙන් වත් පිළිවෙත් සිදු කරන්නාවූ පුද බිමක් වන ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය මරිය තුමියගේ බලවත් ඇල්මට සහ බැල්මට පාත්‍ර වූ සිද්ධස්ථානයක්. නිර්මල කන්‍ය මරිය තුමිය විසිතුන් වතාවක් මේ වන විට දර්ශණය වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය තුල අදටත් ජීවත් වන ලොව එකම අපොස්තුළුතුමන් විසින් මරිය තුමිය වෙත ලියා ඇති යාච්ඤාවක් මේ වන විට ජනතාව අතර ප්‍රචලිතව ඇත්තේ ආගම් භේදයෙන් තොරවයි.

 

ඇත්තටම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට දර්ශණය වී පත් කරනු ලැබූ ලෝකයේ දෙවන අපොස්තුළුතුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නිර්මල කන්‍ය මරිය තුමියගේ පිහිට ආධාරය පැතීමට මේ තරම් ජනතාව පෙල ගස්වන්නේ, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා විසිතුන් වතාවක් එතුමියව දැකගෙන, එතුමිය සමග කතාබහ කර, මේ ස්වර්ගීය උත්තමාවියගේ සිතැගි හොදින්ම තේරුම් ගෙන ඇති නිසා විය හැකියි. සියළුම අපොස්තුළුතුමන්ලාගේ රාජේශ්වරිය වන්නේ ද නිර්මල කන්‍ය මරිය තුමියයි. එතුමිය ඉදිරියේ මධ්‍යස්ථ වීමේ දී එය ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට වාසියකි.

 

සෑම සෙනසුරාදාවක මෙන්ම 2017 ඔක්තෝබර් 21 වෙනි සෙනසුරාදා සවස් වන විට නිර්මල කන්‍ය මරිය තුමියගේ සරණය පතා විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණි සැදැහැවතුන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ භූමියට එක් රැස් වූයේ එදින සවසත් පැවැත් වූ හාස්කම් යාච්ඤාවට සහභාගි වීම පිණිසය. ඒ රැස්වු සැදැහැවතුන් අතරින් සෑහෙන පිරිසකට එදින හාස්කම් යාච්ඤාව පැවැත්වෙන, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට ඇතුළු වීමට අවස්ථාව හිමි විය.

 

සවස 6 ට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ද ඉතාමත් සන්සුන් ගමනින් තම නිලධාරීන්ද සමගින් ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලට ඇතුළු වූ සේක. මෙම හාස්කම් යාච්ඤාව ලිවූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් සමගින් ඊට සහභාගි වීමේ වාසනාව එදින සැදැහැවතුන්ට හිමි වූවා පමණක් නොව නිර්මල කන්‍ය මරිය තුමියගේ මහත් ප්‍රසාදය දිනා අද මහත් ප්‍රාතිහාර්යයන් සිදුවන හාස්කම් යාච්ඤාව ලිවූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සුරතින් අපොස්තලික ආශිර්වාදය ලබා ගැනීමට ද සැදැහැවතුන්ට අවස්ථාව හිමි විය.

 

සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පැවැත්වෙන හාස්කම් යාච්ඤාව පසුගිය සෙනසුරාදා (2017 ඔක්තෝබර් 21) පැවැත්වුනේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙනි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශූද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පැවැත්වුන හාස්කම් යාච්ඤාවේ විවිධ අවස්ථා කීපයක් මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි