අද මේ දිව්‍ය පූජාව මා පැවැත්වූයේ මාව බිහිකල මවගේ දේහය තැන්පත් කර තිබෙන සොහොන් ගැබ මතුපිටයි

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ හැටවන ජන්ම දිනය 2017 පෙබ්‍රවාරි 2 වෙනි දිනයට යෙදුන අතර, මීට වසර හැටකට පෙර උන්වහන්සේ උපත ලද වේලාව අලලා, හැට වසරකට පසු පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 11.30 ට, උපන්දින සංවත්සර මංගල දිව්‍ය පූජා මෙහෙය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ආරම්භ විය. උන්වහන්සේ මෙලොවට උපත ලැබුවේ 1957…

කිසිම කෙනෙක්ගේ ඊර්ෂ්‍යාවක් නැතුව ඔයගොල්ලන්ට ලබාගන්ඩ පුළුවන් එකම දේ මරණය – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

ගෙවී ගිය 2016 වර්ෂය අවසානයේ, උදාවූ 2017 වර්ෂය ආරම්භ කරමින්, 2016 දෙසැම්බර් 31 වෙනි දින මධ්‍යම රාත්‍රියේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජා මෙහෙයේ දේශණය පවත්වමින්, යම් දවසක අපි සියල්ලෝම මිය යන බවත්, කිසිවෙකුගේ ඊර්ෂ්‍යාවක් නොමැතිව අපට ලබා ගත හැකි දේ මරණය…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ජනතා සුභ පැතුම් මධ්‍යයේ 60 වන උපන් දිනය සමරයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය 60 වන උපන් දිනය 2017 පෙබ්‍රවාරි 2 වෙනි දින සමරණු ලැබීය. උන්වහන්සේගේ උත්පත්තිය සිදු වූයේ 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින මධ්‍යම රාත්‍රී 12 ටයි. ඒ නිසාම උපන් දින සංවත්සර දිව්‍ය පූජා මෙහෙය ආරම්භ වූයේ, 2017 පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 11.30 ටයි.   ශුද්ධෝත්තම අපොස්තුළුතුමා කටුනායක අප…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත වටිනා නත්තල් තෑග්ගක් අපොස්තලික මාධ්‍ය ප්‍රකාශකගෙන්

පසුගිය 2016 දෙසැම්බර් මැද භාගයේ දී ජපානයේ සංචාරයක යෙදුන අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා, නත්තල් දින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙත තෑගි කිරීමට කදිම වටිනා නත්තල් ත්‍යාගයක් ජපානයෙන් ගෙනවිත් තිබුනි.   ඒ ජපානයේ විශේෂ පිගන් මැටි වර්ගයකින් සාදනු ලැබූ කලාත්මක බන්දේසියකි. එම වටිනා බන්දේසියේ විශේෂත්වය මෙයයි.   ජපානයේ පිඟන් මැටි භාණ්ඩ නිශ්පාදනය කරන…

ශුද්ධෝත්තම අපොස්තුළු පියාණන් සමග සැදැහැ ජනතාව දෙව් මවුන් වෙත ජපමාලය උච්ඡාරණය කරනු ලබයි

මේ ලෝකයේ ජීවත්ව සිටියදී ම නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැක ගැනීමේ අතිශය දුර්ලභ වූත්, අතිශය භාග්‍යවන්ත වූත් අත්දැකීමට මුහුණ දුන් ලොව කීපදෙනා අතරට එක්වූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් සමග 2017 නව වසරේ ප්‍රථම ජපමාල උච්ඡාරණය 2017 ජනවාරි 7 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී…

ක්‍රිස්තියාණින්ට වෙනස් විය නොහැකි නම් කිසිදා ස්වර්ග රාජ්‍යය ලබාගන්නට බැහැ – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

ගෙවීගිය 2016 වර්ෂය හමාර කරමින් ද, උදාවූ 2017 නව වර්ෂය පිළිගනිමින් ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පැවැත්වූ නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජා මෙහෙය, 2016 දෙසැම්බර් 31 වෙනි දින රාත්‍රී 11.45 ට ආරම්භ විය. නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජා මෙහෙය පැවැත්වුනේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේ දී යි. ජේසුස් ස්වාමින් වහන්සේ ද,…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ 60 වන ජන්ම සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලබයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ 60 වන උපන් දිනය පසුගිය පෙබ්‍රවාරි 2 වෙනි දා අභිමානවත් ලෙස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සමරණු ලැබීය.   මීට වසර හැටකට පෙර 1957 පෙබ්‍රවාරි 1 වෙනි දා හරියටම මධ්‍යම රාත්‍රී 12 ට උන්වහන්සේ මෙලොවට උත්පත්තිය ලැබීය. ඉන් වසර හැටකට පසු 2017 පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 11.30…

භාග්‍යවත් කන්‍ය මරිය තුමිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දර්ශණයවී වසර 42ක් සපිරෙයි

අති භාග්‍යවත් නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී දර්ශණය වූ අතර, 2017 පෙබ්‍රවාරි 5 වෙනි දිනට, මෙම ප්‍රථම දර්ශණයට වසර 42 ක් සම්පූර්ණ වෙයි. මේ වන විට මරිය තුමී 23 වාරයක් දර්ශණය වී ඇති අතර, මෙම දර්ශණ දැක ගැනීමේ භාග්‍ය ලැබුවේ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික…