අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය 60 වන උපන් දිනය 2017 පෙබ්‍රවාරි 2 වෙනි දින සමරණු ලැබීය. උන්වහන්සේගේ උත්පත්තිය සිදු වූයේ 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින මධ්‍යම රාත්‍රී 12 ටයි. ඒ නිසාම උපන් දින සංවත්සර දිව්‍ය පූජා මෙහෙය ආරම්භ වූයේ, 2017 පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 11.30 ටයි.
ශුද්ධෝත්තම අපොස්තුළුතුමා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දිව්‍ය පූජා මෙහෙය පුද කරනු ලැබූ අතර දිව්‍ය පූජා මෙහෙය පුද කරනු ලැබුවේ අපොස්තලික සොහොන් ගැබ මතයි. අවුරුදු 60 කට පෙර ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ව මෙලොවට බිහි කල උන්වහන්සේගේ මෑණියන් වූ ස්වර්ගස්ථ මාග්‍රට් අපොන්සු මැතිණියගේ දේහය මෙම අපොස්තලික සොහොන් ගැබ තුල තැන්පත් කර ඇත.
හැටවන උපන් දින සංවත්සර දිව්‍ය පූජාවෙන් පසුව ජනතාව හමුවට පැමිණි ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය උපන් දිනය වෙනුවෙන් සූදානම්ව තිබූ කේක්එක කපනු ලැබුවේ, ශුභ උපන්දිනයකට ගැයෙන ගී සහ රැස්ව සිටි සැදැහැවතුන්ගේ අත්පොලසන් හඩ ද මධ්‍යයේයි.
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය 60 වන උපන් දින සංවත්සරය වෙනුවෙන් සකස් කර තිබූ උපන් දින කේක්එක කපනු ලැබූ අවස්ථාව ඡායාරූප මගින් ඔබට මෙහි දැක ගත හැකියි









