ගෙවී ගිය 2016 වර්ෂය අවසානයේ, උදාවූ 2017 වර්ෂය ආරම්භ කරමින්, 2016 දෙසැම්බර් 31 වෙනි දින මධ්‍යම රාත්‍රියේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජා මෙහෙයේ දේශණය පවත්වමින්, යම් දවසක අපි සියල්ලෝම මිය යන බවත්, කිසිවෙකුගේ ඊර්ෂ්‍යාවක් නොමැතිව අපට ලබා ගත හැකි දේ මරණය බවත්, නමුත් මරණය ලබා ගැනීමට පමණක් අප අකමැති බවත්, නමුත් බලහත්කාරයෙන් ම එය අප සොයාගෙන පැමිණෙන බවත්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබූ සේක.

 

නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජා මෙහෙය, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේ දී පැවැත්වුනි.

 

විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිද්ධස්ථාන දර්ශණ භූමියේ රැස්ව සිටි, බාල, තරුණ, මහළු මෙන්ම විවිධ ආගම්වලට අයත් සැදැහැ ජනතාව අමතමින්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවා.

 

‛‛මම කියන්නේ අපි ඔක්කෝම යම් දවසක මැරෙනවා. ඔයගොල්ලෝ, අපි ඔක්කෝම මැරෙනවා. අපි ලබාගන්ඩ අකැමති දේ යම් දවසක බලහත්කාරයෙන් අපිව හොයාගෙන එනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කියනවා නේද ඔයගොල්ලන්ට යමක් ලැබුණහම මිනිස්සු ඊර්ෂ්‍යා කරනවා කියලා. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නැති ඔයගොල්ලන්ට ලැබුණහම මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නැති එකම දේ මොකක්ද? මරණය. ඔයගොල්ලෝ මැරිච්ච දවසකට කවුරුත් ඊර්ෂ්‍යා කරනවද ඒකට? අනේ බලන්ඩකෝ අරයා මැරුනා. මං මැරුනේ නෑනේ කියන්නෑනේද? කවුරුත් ඒකට ඊර්ෂ්‍යා කරන්නෑ. කිසිම කෙනෙක්ගේ ඊර්ෂ්‍යාවක් නැතුව ඔයගොල්ලන්ට ලබාගන්ඩ පුළුවන් එකම දේ මරණය. ඔයගොල්ලෝ ලබාගන්ඩ අකැමති දේත් මරණය. අනිත් අය ඊර්ෂ්‍යා කරන දේවල් ඔක්කොම ලබාගන්ඩ කැමතියි ඕකට අකමැතියි. නමුත් බලහත්කාරයෙන් ඔයගොල්ලොන්ව හොයාගෙන එනවා.’’

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේ පවත්වනු ලැබූ 2017 නව වර්ෂයට ආසිරි පැතීමේ මංගල දිව්‍ය පූජා මෙහෙයේ දී, බැතිමතුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙත පඩුරු පුද කල අයුරුත්, උන්වහන්සේ සිය දේශණය පැවැත් වූ අයුරුත් මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකිවනු ඇත