මින් වසර 65 කට පෙර මේ මහා පෘතුවිය ස්පර්ෂ කරමින් 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියට ම රාත්‍රී 12 ට මෙලොවට බිහි වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ උපන් වේලාවට, එනම් 2022 පෙබ්‍රවාරි 1 වෙනිදා රාත්‍රී 12 ට, මේ අධ්‍යාත්මික නායකයා වැඩ සිටින ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය විදුලි ආලෝකයෙන් ආලෝකමත් වනු ඇත. උන්වහන්සේට ආදරය කරන්නා වූ බැතිමතුන් මහ රෑ නොතකා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථායට රැස්වී ප්‍රශංසා ගී ගායනය කරනු ඇත. උන්වහන්සේගේ වයස සංකේතවත් කරමින් පොල් තෙල් පහන් දල්වනු ඇත, උන්වහන්සේගේ සේයාරුව වටා මල් තබනු ඇත, සේයාරුව ඉදිරියේ ඉටිපහන් දල්වනු ඇත.

 

මේ සියළු උපහාරයන් ලැබුමට සුදුසුකම් හිමි යම් උත්තමයෙක් මේ ලොව ජීවත්ව සිටී ද, එසේ නම් ඒ උත්තමයා ජීවත්ව සිටින කාලයේ, ඒ උත්තමයාට හැකිතාක් ගැරහුම්කර, නින්දා කර, මරණයට ද පත්කර, මේ ලොව හැරදමා ගිය පසු, සියළු උපහාර දැක්වීම සිරිතයි, මෙතෙක් කරනු ලැබූ ක්‍රමයයි. එහෙත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ධර්ම දේශණයන්ට සවන් දී, උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගනිමින්, තම ජීවිත හැඩගස්වා ගනු ලැබූ බැතිමතුන්, මහ රෑ නොතකා, දුර බැහැර නොබලා, සෑම වසරකම පෙබ්‍රවාරි පළමුවෙනි දින මධ්‍යම රාත්‍රියේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ සේයාරුව ඉදිරියේ රැස්වී, ප්‍රශංසා ගී ගායනය කරමින්, උන්වහන්සේගේ වයසේ ප්‍රමාණයට පොල් තෙල් පහන් දල්වා, සේයාරුව ඉදිරියේ මල්පොකුරු තබා, ඉටිපහන් දල්වා, ‛‛ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ට’’ උපහාර දක්වනු ඇත.

 

බැතිමතුන් මේ සියල්ලක් කරන්නේ, එලෙස උපහාර ලැබුමට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් සම්පූර්ණයෙන් ම සුදුසු නිසයි. ඒවා කිරීමට උන්වහන්සේ මෙලොවින් සමුගන්නා තෙක් බලා සිටීමට තරම් ඔවුන් මෝඩ නැති නිසයි. බොහෝ දෙනෙකුගේ ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යය වූයේ, අදටත් අප අතර ජීවත්වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ය.

 

මිනිසුන්ට දෑසක් තිබුනත් සත්‍ය දැකීමට ද, දෙසවන් තිබුනත් සත්‍ය ඇසීමට ද පිනක් තිබිය යුතුමය!

 

පසුගිය වසරේ පෙබ්‍රවාරි 1 වෙනි දින මැදියම් රැයේ 12 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත රොක් වූ සැදැහැවතුන් අද ලොව ජීවත්වන එකම අපොස්තුළුතුමාණන්ගේ උපත (උපත සිදු වූ වේලාවට ම – මධ්‍යම රාත්‍රී 12 ට) සමරනු ලැබූ අන්දම මෙහි ඡායාරූපවලින් ඔබට දැකගත හැකියි.