අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් විසින් පුද කරනු ලබන, මලවුන් සිහිකිරීමේ දිව්‍ය පූජා මෙහෙය නොවැම්බර් 3 වෙනිදා (ලබන සෙනසුරාදා) සවස 4 ට ආශ්චර්යමත් කටුනායක දේව මාතා වහන්සේගේ සිද්ධස්ථානයේදී පැවැත්වෙනු ඇත.

 

අපගේ මිය ගිය ඥාතීන් සහ මෙලොව අප සමග ජීවත්ව සිට, අපට පෙර මෙලොවින් වියෝවූ අපගේ සියල්ලන් ද ලබන සෙනසුරාදා අපි අපි ගෞරවයෙන් සිහිපත් කරමු.

 

මෙලොව ඔබ අතර ජීවත්ව සිටියදී ඔබ එතරම් ප්‍රිය නොකල, ඔබගේ විරුද්ධකරුවන් ලෙස සලකා අමනාපව සිට දැන් ජීවතුන් අතරින් වෙන්වී ගොස් සිටින සැවොම ද සහෝදර දයාවෙන් යුතුව අපි සිහිපත් කරමු.

 

අපටද යම් දවසක මරණය හිමි බව සිහිපත් කරමු.

 

දිව්‍ය පූජා මෙහෙය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පැවැත්වෙනු ඇත.

 

සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාව පාමුල දැල්වීම සඳහා දම් පැහැයෙන් යුතු, ‛‛මලවුන් සිහිකිරීමේ ඉටිපහනක්’’ දිව්‍ය පූජාව අවස්ථාවේදී ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් විසින් ආශිර්වාද කරනු ලබන බැවින් එම ඉටිපහන් දිව්‍ය පූජාවට ප්‍රථම සිද්ධස්ථාන ආගමීක භාණ්ඩ මධ්‍යස්ථානය වෙතින් ලබා ගන්නා ලෙස, අපොස්තලික දේව මෙහෙයන් සංවිධාන කාර්‍යාලය සියළුම බැතිමතුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.