පසුගිය 2019 සැප්තැම්බර් 21 වන දින සවස, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපෝන්සු අපොස්තුළුතුමන් විසින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැදුර තුල දිවයිනේ නන් දෙසින් පැමිණි බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වය මධ්‍යයේ, දෙව් මවුන් වෙත ජපමාලය ඔප්පු කළ අතර එදින ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සහභාගිත්වයෙන් දර්ශණ දෙව්මැදුර තුළ ජපමාල උච්චාරණය සඳහා විශේෂ හේතුවක් වූයේ, පසුගිය 2019 ජූලි 27 වන දින දර්ශණ දෙව් මැදුරේ ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිතව ඇති දෙව් මවුන් සමග ජේසු බිළිඳු ප්‍රතිමාව විවිධ ජීවමාන ලකුණු දක්වමින්, දෙව්මවුන්ගේ එම ප්‍රතිමාවෙන් නොකඩවා පිච්ච මල් සුවඳ දර්ශණ දෙව්මැදුර තුළත්, දර්ශණ භූමිය පුරා හා දර්ශණ භූමියෙන් පිටතට මීටර් සියයක් පමණ දුරටත් පැතිරීමේ මහා ආශ්චර්යමත් සිදුවීම වෙනුවෙන් දෙව් මවුන් වෙත උපහාර පුද කිරීම සඳහායි.

 

පැමිණ සිටි බැතිමතුන් විසින් එදින සවස දර්ශණ ඉටිපහන් දල්වමින් ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත මල් පොකුරු පිළිගන්වමින් ද උන්වහන්සේ සමගින් නිර්මල කන්‍ය මරිය මාතාවන් වෙත ජපමාලය උච්චාරණය කරනු ලැබුවා.

 

ජපමාල උච්චාරණයෙන් පසුව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් දෙව් මවුන්ගේ ප්‍රතිමාවක් බැතිමතුන් වෙත පෙන්වමින් විශේෂ දේශනයක් සිදු කළ සේක. මෙම ඓතිහාසික ප්‍රතිමාවේ විශේෂත්වය වූයේ මීට අවුරුදු 63 කට පෙර, එනම් 1957 පෙබරවාරි 1 වන දින මධ්‍යම රාත්‍රියේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් මෙලොවට උපත ලැබීමෙන් පසුව උන්වහන්සේව නිවසට රැගෙන ඒමට පෙර උන්වහන්සේගේ පියාණන් විසින් මිලදීගෙන නිවසට රැගෙන ආ තිබූ දෙව්මවුන්ගේ ප්‍රතිමාව වීමයි. අද වනතුරු කිසිදු අවස්ථාවක නැවත තීන්ත ආලේපයක් සිදුනොකල මෙම ඓතිහාසික ප්‍රතිමාව අදටත් ඉතාමත් සුරක්ෂිතව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් භාරයේ පවතී. එමෙන්ම මෙම ප්‍රතිමාව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් බැතිමතුන් හමුවේ පෙන්වමින් බොහෝ වැදගත් කරුණු ගණනාවක් තම දේශණය පවත්වමින් උන්වහන්සේගේ ප්‍රකාශ කළ සේක.

 

‛‛මගේ වයස අවුරුදු 4 දී පමණ මගේ මව මේ ප්‍රතිමාව මට පෙන්නලා කිව්වා, පුතේ මේ තමයි දේවමෑණියෝ. මම හිතුවේ මේ ප්‍රතිමාව දේව මෑණියෝ කියලා. දේව මෑණියෝ කියන්නේ කවුද කියලා මම එතකොට දන්නෙත් නෑ. මම ඉතින් හිතුවා මේ ප්‍රතිමාව දේව මෑණියෝ කියලා. එහෙම හිතපු මම මේ අද වෙනකොට දැන් වයස අවුරුදු 63 ක්. මේ වෙනකොට 23න් වතාවක්, එදා ප්‍රතිමාවෙන් දැකපු දේව මෑණියන්ව මම 23 න් වරක් දැන් ජීවමාණවම දැකගෙන දැන් එතුමිය සමග හිනාවෙලා එතුමිය සමග කතා කරලා මේ සියල්ලක් අත්වින්ද පුද්ගලයෙක්.’’ අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කල සේක.

 

එමෙන්ම තම මව විසින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට වයස අවුරුදු 4 දී මුලින්ම දේව මෑණියන්ගේ මෙම ප්‍රතිමාව පෙන්වමින් දේව මෑණියන්ව උන්වහන්සේට ප්‍රතිමාවකින් හඳුන්වා දුන් ආකාරය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් බැතිමතුන් හමුවේ විස්තර කල සේක. මේ වෙනකොට 23 න් වාරයක් ජීවමාණ ලෙස දේව මෑණියන්ව තම දෑසින්ම දැකගෙන ඇති ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපෝන්සු අපොස්තුළුතුමන් විසින් එදා සමාජයේ මෙවැනි ආකාරයට දේව මෑණියන්ව දැක ඇති බවට පැවසීමට හැකියාවක් තිබූ අය ජීවත් වූයේ ස්වල්ප දෙනෙක් බවත් ඒ අතරින් ලූර්දුවේ බර්නදෙත්, පාතිමාවේ ෆ්‍රුන්සිස්, ලුසී, ජසින්තා යන අය සඳහන් කළ හැකි බවත් ප්‍රකාශ කළ සේක. ඔවුන් දේව මෑණියන්ව තමන්ගේ දෙනෙතින් ජීවමාණවම දැකගැනීමේ භාග්‍යය ලබාගෙන තිබුණත්, ඔවුන් එදා ජීවත් වන කාලයේ දී දේව මෑණියන්ගේ මේ දර්ශණ පිළිබඳව ඔවුන්ගෙන් කරුණු අසා දැනගැනීමට එදා සමාජයේ ජීවත් වූ, ඒ ජනතාවට පිනක් නොතිබූ බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් තවදුරටත් බැතිමතුන් හමුවේ පැහැදිලි කළ සේක.

 

‛‛දැන් ලූර්දු පල්ලි ගොඩක් තිබුනත් ඒ කාලේ ලුර්දු දර්ශණය ගැන බර්නදෙත් ගෙන් අහගන්න ඒ අයට පිනක් තිබුනෙ නෑ. සමහර පුද්ගලයෝ විසින් එවකට ජීවත් වූ අයගෙන් ඒ පින දුරස් කෙරුවා. දේව මෑණියන් මේ ලෝකයට යම්කිසි ක්‍රියාවක්, යහපතක් කරන්න යද්දි සාතන් ඒකට නිතරම අකුල් හෙළනවා. සාතන් කෙලින්ම එන්නේ නෑ. සාතන් ක්‍රියාත්මක වෙන්නේ මනුෂ්‍ය ස්වභාවයෙන්.’’ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කල සේක.

 

ශුද්ධ වූ බයිබලයේ සඳහන් වන ආකාරයට ලෝක ආරම්භයේදී ම සර්ප විලාශයෙන් පැමිණි සාතන්ට දෙවියන්වහන්සේ විසින් සාප කළ අන්දම සිහිපත් කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, ‛‛තා සහ ස්ත්‍රීය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි’’ යනුවෙන් උත්පත්ති පොතේ සඳහන් වැකිය ගෙනහැර දක්වමින්, සාතන්ගේ වංශයත් දේව මෑණියන්ගේ වංශයත්, එනම් තා සහ ස්ත්‍රිය අතරත් තගේ වංශය සහ ඇගේ වංශය අතරත් දෙවියන් වහන්සේ විසින් බද්ධ වෛරය තැබූ ආකාරය බැතිමතුන් හමුවේ පැහැදිලි කළ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් මේ සාතන්ගේ වංශය එදා සිට පැමිණෙන බවත් ක්‍රිස්තුස්වහන්සේගේ කාලයේදී ත් මේ සාතන්ගෙ වංශය මරිය තුමියගේ පුතණුවන් වූ ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධව ක්‍රියාත්මක වූ බවත්, අදත් විවිධ ස්වරූපයෙන් මේ සාතන්ගේ වංශය ක්‍රියාත්මක වෙමින් දේව සැලැස්මට අකුල් හෙලන ආකාරය වැඩි දුරටත් පැහැදිලි කළ සේක.

 

මේ වන විට විසිතුන් වතාවක් නිර්මල කන්‍ය මරිය මාතාවන්ව සියැසින් දැක ගැනීමේ දුර්ලභ වාසනාව මෙලොව දීම හිමිකර ගනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, සතර හැවිරිදි වයසේ දී සිය මව පෙන්වූ දෙව් මවු ප්‍රතිමාව සැදැහැවතුන්ට ද මෙසේ පෙන්වූයේ සැප්තැම්බර් 21 වෙනි දින ජපමාල උච්චාරණය අවසානයේ දී යි. මෙහි ඡායාරූප බලන්න

 

Great Apostle of Sri Lanka

 

Great Apostle of Sri Lanka

 

Great Apostle of Sri Lanka

 

Great Apostle of Sri Lanka

 

Great Apostle of Sri Lanka

 

Great Apostle of Sri Lanka

 

Great Apostle of Sri Lanka

 

Great Apostle of Sri Lanka

 

Great Apostle of Sri Lanka

 

Great Apostle of Sri Lanka