අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 63 වෙනි ජන්ම දිනය 2020 පෙබ්‍රවාරි 2 වෙනිදාට යෙදී ඇත. ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරා පත්කරනු ලැබූ දෙවන අපොස්තුළු තුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා දැනට ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමා වේ.

 

මීට වසර 63 කට ප්‍රථම පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ට මීගමුවේ පුද්ගලීක රෝහලක දී මෙලොවට උපත ලද ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ දෙමාපියන් වූයේ, ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයන් වූ ජී. සී. අපොන්සු මැතිතුමා සහ එම මැතිණියයි.

 

උපතින්ම විශාල ධනයකට උරුමකම් ඇතිව උපත ලද ශුද්ධෝත්තම අපොස්තුළු තුමා අදටත් සිය පුද්ගලීක නඩත්තුව සඳහා බැතිමතුන්ගේ පඩුරු පාවිච්චි නොකරයි. එපමණක් ද නොව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පොදු කටයුතු සඳහා ද උන්වහන්සේ සිය පුද්ගලීක මුදල් යොදවනු ලබයි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ 63 වන ජන්ම දිනය යෙදෙන මෙම වසරේ පෙබ්‍රවාරි 2 වෙනි ඉරුදින සවස 6 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට සුභ පතා ඉතා විශිෂ්ඨ උත්සවයක්, උන්වහන්සේගේ දහම් මග අනුව දිවි ගෙවන සහ උන්වහන්සේට ආදරය කරන සැදැහැවතුන්ගේ ද සහයෝගය ඇතිව සිද්ධස්ථාන පාලක මණ්ඩලය මගින් සංවිධානය කර ඇත.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උපන් දින උත්සවයේ දී උන්වහන්සේට උපහාර පිණිස මියුරු සංගීත රටාවන් අනුව ගීත රැසක් ගායනය කිරීමට ද, ප්‍රණීත ආහාර පාන වලින් සියල්ලන්ට සංග්‍රහ කිරීමට ද උන්වහන්සේට ආදරැති සැදැහැවතුන් සමගින් සිද්ධස්ථාන පාලක මණ්ඩලය සියළු කටයුතු සූදානම් කර ඇති අතර, ජාති ආගම් භේදයෙන් තොරව මෙම විචිත්‍රවත් අවස්ථාවට සහභාගි වීමට පැමිණෙන මෙන් සිද්ධස්ථාන පාලක මණ්ඩලය සියළු දෙනාටම හෘදයංගවම ආරාධනය කරනු ලබයි. (සවස 5.30 වන විට සිද්ධස්ථානයට පැමිණ සිටින්න)

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ පැවැත්වෙන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ උපන් දින සංවත්සර උත්සවය පෙබ්‍රවාරි 2 වෙනි ඉරුදින සවස 6 සිට අපගේ සිංහල සහ ඉංග්‍රීසි නිල යූටියුබ් නාලිකාවන් ඔස්සේ සජීවීව විකාශය කිරීමට අපොස්තලික මාධ්‍ය ජාලය කටයුතු කරන බව, අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා සදහන් කරයි.

 

අපගේ නිල යූටියුබ් නාලිකාවන් සදහා මෙතැනින් පිවිසෙන්න

 

සිංහල භාෂාවෙන්
https://www.youtube.com/apostleofSriLanka

 

ඉංග්‍රීසි භාෂාවෙන්
https://www.youtube.com/apostolicsee

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මේ පෘතුවිය මත උපත ලැබුවේ 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින මධ්‍යම රාත්‍රී හරියටම 12ටයි. 2019 පෙබ්‍රවාරි 2 වෙනි දිනට උන්වහන්සේ වයසින් අවුරුදු 62 ක් සම්පූර්ණ කරනු ලැබූ සේක. එදින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පවත්වනු ලැබූ උපන් දින උත්සවයේ දී, උන්වහන්සේගේ ආදරැති බැතිමතුන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මල් පොකුරු පිළිගන්වා ‛‛ශුද්ධෝත්තම අපොස්තුළුතුමෙනි ඔබවහන්සේට සුභ උපන්දිනයක් වේවා’’ යි සුභ පැතූහ. එම අවස්ථාව අපොස්තලික මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පීන්ගේ කැමරා කාචවල සටහන් වූ අතර, ඒවායින් ඡායාරූප ඉතා ස්වල්පයක් මෙහි ඔබට දැක ගත හැකියි. මෙම 2020 වසරේ පෙබ්‍රවාරි 2 වෙනි දින ද සවස 6 ට, තම ආරණීය අපොස්තුළුතුමන්ට සුභම සුභ උපන් දිනයකට ආසිරි පැතීමට බැතිමතුන් නොඉවසිල්ලෙන් බලා සිටින අතර, මෙම උත්සවයට සහභාගි වන සැමට ම ප්‍රණීත ආහාර පානයෙන් සංග්‍රහ කිරීමට ද බලාපොරොත්තුව සිටිති