1975 පෙබ්‍රවාර් 11 වෙනි දින නිර්මල කන්‍ය මරිය මාතාවෝ 9 වන වරට ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී දර්ශණය වූ සේක. එහිදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියේ දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ පණිවිඩයක් පැවසූ අතර, එම පණිවිඩයේ ප්‍රථම වගන්තිය වූයේ, මෙලොව දුකට වේදනාවට පත්වී ඇති සියල්ලන්ටම සැනසුම ලබා දෙන වචන කීපයකි. ‛‛ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුන තැනැත්තිය මමයි. මෙම දේව මෙහෙයන්ට විශ්වාසයෙන් සහභාගි වන අයට ඔබ මගින් දේව වරප්‍රසාද බෙදා දීම මාගේ ආශාවයි’’ මෙලෙස පැවසූ කන්‍ය මරිය මාතාවෝ එතැන් පටන් සිය පොරොන්දු නොපිරිහෙලා ඉටු කරනු ලැබුවාය.

 

නිර්මල මරිය තුමියගේ මෙම පණිවිඩයත් සමගම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් පවත්වනු ලබන දේව මෙහෙයන්ට සහභාගිවන ජනතාවගේ දුක් වේදනාවලට ඔවුන් ලද සහනය ඇත්තටම පුදුමාකාරය. ඔවුන් අතර මේ ජීවිත ගමනේ විවිධ ගැටළු ඉදිරියේ බලාපොරොත්තු සුන් වූවන්, රෝගී වූවන්, අසරණව පීඩා විඳින්නන් ද වේ.

 

මේ සියළු කරුණු සැලකිල්ලට ගෙන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දුක් විදින ජනතාව වෙනුවෙන් නිර්මල කන්‍ය මරිය තුමියට යාච්ඤාවක් ලියනු ලැබූහ. එම යාච්ඤාව කිවයුතු දවසක් ද වේලාවක් ද ස්ථානයක් ද නියම කරනු ලැබූ උන්වහන්සේ තමන් පීඩා විදින සිත් වේදනාවන් මරිය තුමිය වෙත යොමු කල යුතු අයුරුද පෙන්වා දෙනු ලැබූහ. අවසානයේ තම ඉල්ලීම් ලිවූ ලිපි ලියා ඒවා දැමීමට රතු පෙට්ටියක් ද පෙන්වා දුන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, ඒ සියළු ලිපි සහිත රතු පෙට්ටිය සෑම සෙනසුරාදාවකම උන්වහන්සේ වෙතට ගෙන්වා ගත්හ.

 

මේ වන විට මේ පිළිවෙත මහත් සේ ඵල දරා ඇත. මරිය තුමිය කෙරෙහි විශ්වාසයත් ආදරයත් තම හදවත තුල රදවා ගෙන ඉහත පැවසූ ලෙස කටයුතු කල සැදැහැවතුන් මරිය මවු තුමියගෙන් බොහෝ වරප්‍රසාද ලබන්නේ ජාති පක්ෂ පාට ආදී මිනිසා මිනිසාගෙන්ම වෙන් කරනු ලබන භේදයන්ගෙන් පමණක් නොව එවැනිම වූ ආගම් භේදයන්ගෙන් ද තොරවය.

 

නිර්මල කන්‍ය මරිය තුමිය ව විසිතුන් වතාවක් දෑසින් දැකගෙන එතුමිය සමග බොහෝ දේ කතාබස් කල ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් 2017 ඔක්තෝබර් 21 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී සැදැහැවතුන් පිරිසක් වෙනුවෙන් ‛‛හාස්කම් යාච්ඤාව’’ දෙව් මවුන් වෙත පුද කිරීමෙන් පසුව, සැදැහැවතුන් තම ඉල්ලීම් ලිපි උන්වහන්සේ ඉදිරියේම රතු පෙට්ටිය ට දමන අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි