හදිසියේ ඔබ නොසිතූ වේලාවක නිර්මල කන්‍ය මරිය තුමිය ඔබගේ දෙනෙතට දකින්නට ලැබුණොත්, මොහොතක් එතුමිය අමතා යමක් කියන්නට අවස්ථාව ද ඔබට හිමිවූව හොත්, එතුමිය අමතා කියන්නට කිසිවක් මට කිසිවක් නැතැ යි ඔබ පවසනවාද? නොඑසේනම් එතුමියට කියන්න බොහෝ දේ මට ඇතැයි ඔබ පවසනවාද?
දයාබර නිර්මල කන්‍ය මරිය මවු තුමියට කියන්න බොහෝ දේ මට ඇතැයි කියා සිතන අය වෙනුවෙන්, නිර්මල කන්‍ය මරිය තුමිය ම ලබා දුන් හාස්කම් හෝරාව සෑම සෙනසුරාදාවකම සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී විශ්වාසවත් සැදැහැවතුන් වෙත උදාවේ.
නිර්මල කන්‍ය මරිය තුමිය සදහා ලියනු ලැබූ ‛හාස්කම් යාච්ඤාව’ මේ හාස්කම් හෝරාවේ දී උච්චාරණය කරනු ලබන අතර, විශේෂත්වය වන්නේ මෙම ‛හාස්කම් යාච්ඤාව’ ලියනු ලැබුවේ නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් දැක ගැනීමටත්, මුහුණට මුහුණලා එතුමිය සමග කතා කිරීමටත් සුවිශේෂී භාග්‍ය හිමි කර ගනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසිනුයි. උන්වහන්සේ විසින් ලියනු ලැබූ මේ ‛හාස්කම් යාච්ඤාව’, උච්චාරණය කිරීමට ආරම්භ කල දා පටන්, එය උච්චාරණය කිරීමෙන් සැදැහැවතුන් ලබා ගන්නා පුදුමකාර ප්රාතිහාර්යයන් අපට වාර්තා වන්නේ, මෙම හාස්කම් යාච්ඤාව නිර්මල කන්‍ය මරිය තුමිය ද අගය කරන බව අපට පෙන්වා දෙමින් පමණක් නොව, එතුමිය දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සෙනසුරාදා සවස මෙම හාස්කම් යාච්ඤාව අප උච්චාරණය කරන විට, නිර්මල කන්‍ය මරිය තුමිය ද ඊට සවන් යොමා සිටින බව අපටම දන්වා දෙමිනි.
නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී නිර්මල කන්‍ය මරිය තුමියට පසුගිය සෙනසුරාදා (2017 සැප්තැම්බර් 9 වෙනිදා) සවස හාස්කම් යාච්ඤාව උච්චාරණය කරනු ලැබූ අවස්ථාවයි මෙම ඡායාරූප මගින් ඔබට දැක ගැනීමට ලැබෙනුයේ. විවිධ ප්‍රදේශවලින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන් අතරින් එක් කණ්ඩායමකට ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී නිර්මල කන්‍ය මරිය තුමියට මෙසේ හාස්කම් යාච්ඤාව පුද කිරීමට අවස්ථාව සැලසුන අතර, අනික් සැදැහැවතුන් දර්ශණ භූමියේ සිට ඊට සහභාගි විය