ඉදිරි සති අන්තවල සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් විසින් පවත්වනු ලබන දේව මෙහෙයන් පිළිබඳ නිවේදනයක් පසුගිය සෙනසුරාදා (2012 නොවැම්බර් 3) අපොස්තලික දේව මෙහෙයන් සංවිධායක කාර්‍යාලය මගින් නිකුත් කරන ලදී.

 

එම නිවේදනයට අනුව ඉදිරි සති අන්තයහි ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පැවැත්වෙන දේව මෙහෙයන් පිළිබඳව විස්තර මෙසේය.

 

නොවැම්බර් 10 වෙනි සෙනසුරාදා සවස 4 ට, අපොස්තලික ආශිර්වාද මෙහෙය පැවැත්වෙනු ඇත.

 

නොවැම්බර් 17 වෙනි සෙනසුරාදා සවස 4 ට, ඉටිපහන් ආලෝකය මධ්‍යයේ නිර්මල කන්‍ය මරිය තුමියට ජපමාලය පුද කෙරෙනු ඇත.

 

නොවැම්බර් 24 වෙනි සෙනසුරාදා සවස 4 ට, අපොස්තලික ආශිර්වාද මෙහෙය පැවැත්වෙනු ඇත.

 

දෙසැම්බර් 01 වෙනි සෙනසුරාදා සවස 4 ට, මෙම වසරේ අවසාන ‛‛දිව්‍ය සත්ප්‍රසාදීය ජේසු නැමැදීමේ සැඳෑ මෙහෙය’’ පැවැත්වෙනු ඇත. මෙම සත්ප්‍රසාදික මෙහෙයේදී රෝගීන් ආසිරි ගැන්වීම ද සිදු කරනු ඇත.

 

සෑම දේව මෙහෙයක්ම සවස 4 ට ආරම්භ වේ.