Devotees recite Holy Rosary along with the Only Apostle, who is presently living in this world

ලෝකයේ විවිධ දේශයන්හි දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය මවු තුමිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දර්ශණය වූයේ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දිනය. එම දිනයේ සිට මේ දක්වා විසිතුන් වතාවක් නිර්මල කන්‍ය මරිය තුමී ශ්‍රී ලංකාවේ දර්ශණය වී ඇත.

 

මෙම හාස්කම් පුද බිමේදී දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය තුමී ලොව ජනතාව සඳහා ප්‍රකාශ කර ඇති පණිවිඩ රැසකි. එම පණිවිඩ අතරින් කීපයකදී ම එතුමිය ජපමාලය උච්ඡාරණය කරන ලෙස ඉල්ලා ඇති අතර, ජපමාලය උච්ඡාරණය කිරීමෙන් ලද හැකි විපුල වරප්‍රසාදයන් ද පැහැදිලි කර ඇත.

 

ශ්‍රී ලංකාවේදී නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී, දෙව් මවුන්ව විසිතුන් වතාවක්ම දෑසින් දැක ගැනීමේ භාග්‍ය ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා සමගින් ජපමාලය උච්ඡාරණය කිරීමට බැතිමතුන් ද දැඩි කැමැත්තක් දක්වනු ලබයි.

 

2017 ජූනි 3 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා බැතිමතුන් ද සමගින් ජපමාලය උච්චාරණය කරණු ලැබූහ.

 

2017 ජූනි 3 වෙනි සෙනසුරාදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී සැදැහැවතුන් සමගින් දේව මෑණියන් වෙත ජපමාලය උච්ඡාරණය කරනු ලැබූ අවස්ථාව මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි