ජේසු තුමන්ගේ 2025 වෙනි උපන් දින සංවත්සරය සහ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ 51 වෙනි නත්තල හෙට (දෙසැම්බර් 24) මැදියම් රැයේ උදා වෙයි!

විටින් විට යම් කිසි කාල සීමාවක් පිච්ච මල් සුවඳ, පැතිරෙන මේ ලෝකයට ඇති එකම එක, දේව මෑණියන්ගේ ප්‍රතිමාව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැඳුර තුල ඉහළින් ම ස්ථාපිතව ඇති දේව මෑණියන්ගේ ප්‍රතිමාවයි. මෙම ප්‍රතිමාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින් ආශිර්වාද කරනු ලැබුවේ, 2015 දෙසැම්බර් 24 වෙනි දින නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී යි….

දිව්‍ය ජේසු බිළිඳාණන් තුරුලේ හොවාගත් දේව මෑණියන්ගේ ප්‍රතිමාව ආසිරි ගන්වා වසර 10 ක් සම්පූර්ණ වෙයි

සියළු වරප්‍රසාදයෙන් පූර්ණවන්තිය වූ ඒ උත්තමාවගෙන් වරප්‍රසාද රැසක් හිමිකර දෙන්නා වූ මෙවර මධ්‍යම රාත්‍රී නත්තල් මංගල දිව්‍ය පූජාව දෙසැම්බර් 24 වෙනි දින රාත්‍රී 11.30 ට ආරම්භ වන්නේ, නිර්මල කන්‍ය මරිය මාතාවන්ව ජීවමානව ම විසිතුන් වතාවක් දැක ගැනීමේ ඉතා දුර්ලභ වාසනාව හිමි වූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙනුයි….

සංවත්සර දෙකක් සමග ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට උදාවන 51 වෙනි නත්තල මෙයයි

විටින් විට යම් කිසි කාල සීමාවක් පිච්ච මල් සුවඳ පැතිරෙන, මේ ලෝකයට ඇති එකම එක, දේව මෑණියන්ගේ ප්‍රතිමාව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැඳුර තුල ඉහළින් ම ස්ථාපිතව ඇති දේව මෑණියන්ගේ ප්‍රතිමාවයි. මෙම ප්‍රතිමාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් විසින් ආශිර්වාද කරනු ලැබුවේ, 2015 දෙසැම්බර් 24 වෙනි දින නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී…