දැනට  අසනීප තත්වයෙන්  පසුවන විචිත්‍ර  ධර්මදේශකයාණන් වහන්සේ  නමක් වන අති පූජ්‍ය දේදුනුපිටියේ සෝමරතන නායක හිමිපාණන්ගේ  සුවදුක්  බැලීමට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා 2013 අගෝස්තු 5 වෙනි සඳුදා සවස ගියහ.

 

සැවැත්නුවර ජේතවනාරාම විහාරයේ විහාරාධිපති මෙන්ම බරණැස විශ්ව විද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳව කථිකාචාර්‍යවරයෙකු ද වන සෝමරතන නායක හිමිපාණන් පුරා දශක දෙකකටත් වැඩි කාලන සිට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ හිතවත් මිත්‍ර භික්ෂුන්වහන්සේ නමකි.

 

පුරා පැය දෙකකටත් වැඩි කාලයක් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් සමග සුහද පිළිසඳරෙහි යෙදුන අසූනව හැවිරිදි අති පූජ්‍ය සෝමරතන නායක හිමිපාණන්, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත ග්‍රන්ථයක් ද තිළිණ කලහ.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපෝස්තලික පියතුමා, අති පූජ්‍ය සෝමරතන නායක හිමිපාණන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළහ.