නිර්මල කන්‍ය මරිය තුමියගේ මහා හාස්කම් සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පා නගන බොහෝ දෙනා නිර්මල මවු මරියාවන්ගේ විශේෂ පිහිට වරප්‍රසාදයක් අපේක්ෂා කරන්නෝ වෙති. ජීවිත ගමනේ අසරණව, බලාපොරොත්තු සුන් වී සිටින මොහොතක තම දයාබර ස්වර්ගීය මෑණියන්ගේ විශේෂ පිහිටක් අත්‍යවශ්‍ය වී සිටින මොහොතක කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත සැදැහැ ජනතාව ඇදී එන්නේ දෙව් මවුන්ගේ ශ්‍රී නේත්‍රයන් නිරන්තරයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත යොමුවී ඇති බව ඔවුන්ට දැන් සිය අත්දැකීමෙන්ම දැනී ඇති නිසාය.
විශේෂයෙන් සෙනසුරාදා සවස පැවැත්වෙන දේව මෙහෙයේ දී බැතිමතුන්ගේ ඉල්ලීම් ‛රතු පෙට්ටිය’ ට දැමීම සඳහා අවස්ථාව උදාවේ. එම අවස්ථාව ද ලැබෙන්නේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා එම ලිපි ඉදිරියේ හාස්කම් යාච්ඤාව උච්ඡාරණය කිරීමෙන් පසුවයි. ඉන්පසු බැතිමතුන් ඉදිරියේම එම ලිපි මත උන්වහන්සේ ආශිර්වාද කරනු ඇත.
1975 පෙබ්‍රවාරි 11 වෙනි දින නිර්මල කන්‍ය මරිය මවු තුමිය 9 වන වරට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වී පණිවුඩයක් ප්‍රකාශ කලාය. එම පණිවුඩයේ ප්‍රථම වගන්තිය මෙයයි. ‛‛ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුන තැනැත්තිය මමයි. මෙම දේව මෙහෙයන්ට විශ්වාසයෙන් සහභාගි වන අයට ඔබ මගින් දේව වරප්‍රසාද බෙදා දීම මාගේ ආශාවයි’’ දෙව් මවුන්ගේ මේ පොරොන්දුව එදා සිට අද මේ දක්වාම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ඉටුවෙමින් පවතී. ඒ නිසාම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ‛මරිය තුමියගේ හාස්කම් සිද්ධස්ථානය’ යනුවෙන් ජනතාව අතරම ප්‍රචලිත වී ඇත. ලිපි ආශිර්වාද කිරීමෙන් පසුව එම ලිපි ශුද්ධෝත්තම අපොස්තුළුතුමා භාරයට ගන්නා අතර, දෙව් මවුන්ගේ පණිවිඩය බලාත්මක කිරීම සඳහා ඉන්පසු එම ලිපි කට්ටකුමංචල් සමගින් දෙව් මවුන්ට පුද දෙනු ඇත.
2017 ජූනි 3 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් සමග දෙව් මවුන් වෙත ජපමාලය ඔප්පු කරනු ලැබූ සැදැහැවතුන් හාස්කම් යාච්ඤාව උච්ඡාරණය කිරීමෙන් පසුව තම ඉල්ලීම් ‛රතු පෙට්ටිය’ ට දමන අයුරු සහ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සැදැහැවතුන්ගේ ඉල්ලීම් ආශිර්වාද කරන අයුරුත් මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි