2018 දෙසැම්බර් 24 වෙනි දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැදුර තුල ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවේ දේශණය ආරම්භයේ දී ම අපූරු හදුනාගැනීමක් සිදුවිය.
‛‛මෙතන ඉන්නවද මේ ජීවිතේ අද පළමු වරට නත්තල සමරන කවුරුහරි? ඒ කියන්නේ 2017 දෙසැම්බර් 25ත්, 2018 දෙසැම්බර් 25ත් අතර ඉපදිච්ච කවුරුහරි? අද එයා පළවෙනි නත්තල සමරනවා. කවුරුහරි ඉන්නවද?’’
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඇසූ එම ප්රශ්ණයෙන් දර්ශණ දෙව්මැදුර තුලත්, පිටත දර්ශණ භූමියේත් රැස්ව සිටි ජනතාව දැඩි නිශ්ශබ්දතාවයකින් යුතුව බලා සිටි අතර, තරුණ මවක් තම කුඩා පුතු ද රැගෙන ඉදිරියට ආවාය.
මෙම නත්තල් දිව්‍ය පූජාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ මෙම ජීවිත සමයේ 62 වන නත්තල වූ අතර අපොස්තුළුතුමෙකු වශයෙන් පුද කරනු ලැබූ 44 වෙනි නත්තල් දිව්‍ය පූජාව විය.
කුඩා දරුවා දෙස හොදින් බැලූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙලෙසින් ප්‍රකාශ කල සේක. ‛‛මේ පුංචි දරුවගේ මේ ජීවිත සමයේ පළවෙනි නත්තල. අද මගේ ජීවිතේ 62 වෙනි නත්තල. අපොස්තුළු තුමෙක් හැටියට 44 වෙනි නත්තල. අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරපු දර්ශන දේව මන්දීරේ පළමුවෙනි නත්තල් පූජාව. මේ ජීවිත ගමනේ මේ පුංචි දරුවගේ පළවෙනි නත්තල. පුංචි රහසක් කියන්නම්. ඒ වුනත් මේ දරුවා මේ ජීවිත සමයේ පළවෙනි නත්තල උනාට, මාත් සමග නත්තලකට සහභාගි වෙන 8 වෙනි නත්තල. හරියට කිව්වොතින් එහෙමනම් ඔහු සහභාගි වෙන මගේ 8 වෙනි නත්තල් පූජාව තමයි මේ. ඒ රහස සොයාගන්න.’’
මෙලෙස පැවසූ අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණෝ ‛‛මං එයාට පුංචි තෑග්ගක් දෙනවා. බලන්න ජීවිතේ මොන තරම් පුදුමාකාරද කියලා. නත්තල් හතකට සහභාගි වෙච්ච කෙනෙක්, මාත් එක්ක මේ ජීවිත ගමනේ මගේ 62 වෙනි නත්තල සමරද්දි, ඒ දරුවගේ පළවෙනි නත්තල සමරනවා. මම අපොස්තුළු තුමෙක් වෙලා 44 වෙනි නත්තල් පූජාව පවත්වද්දි ඒ දරුවා මගේ 8 වෙනි නත්තල් පූජාවට සහභාගි වෙනවා’’ යයි පවසා ඒ වන විටත් මවගේ අතේ සුව නින්දකට වැටී සිටි පුංචි බිළිදාට තෑග්ගක් ලෙසින්, ජේසු බිළිදුන්ගේ ප්‍රතිමාවක් තෑගි කල සේක.
අපොස්තුළුතුමෙකු වශයෙන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ හැකියාවන් ගැන දන්නා සැදැහැවතුන්ට මේ වචනවල තේරුම, වටහා ගැනීම දුෂ්කර නොවීය.
සියල්ලන්ගේම සිහියට නැගුනේ සමිදාණන් වහන්සේ ජෙරමියා දිවස්ප්රසාදිතුමන්ට පවසා ඇති ශුද්ධවූ බයිබලයේ සදහන් මෙම වැකියයි, ‛‛මා නුඹ කුසෙහි පිළිසිදගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හදුනාගතිමි.’’(ජෙරමියා 1/5)
තවමත් වයස අවුරුද්දක්වත් නොමැති කුඩා දරුවාව හදුනාගෙන, ඒ දරුවා සහභාගිවන්නේ තමන් වහන්සේගේ අටවෙනි නත්තල් පූජාවට යයි පවසා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින් ජේසු බිළිදු ප්‍රතිමාවක් තෑගි කරනු ලැබූ අවස්ථාවයි මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ