කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමිය නිල වශයෙන් විවෘත කිරීම සංකේතවත් කරමින් 2016 නොවැම්බර් 26 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ පවත්වනු ලැබූ සංගීත සන්ධ්‍යාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට බැතිමත් පවුලක් විසින් රත්තරනින් සාදා නිම කරනු ලැබූ කාලිස් පාත්‍රයක් හෙවත් පූජා පාත්‍රයක් පරිත්‍යාග කරනු ලැබීය.
දිව්‍ය පූජා මෙහෙයේ දිව්‍ය රහස් කිරීමේ අවස්ථාවට යොදා ගන්නා මෙම කාලිස් පාත්‍රය, අභිනව දර්ශණ දේව මන්දීරයේ පුද කරනු ලබන ප්‍රථම දිව්‍ය පූජා මෙහෙයේ දී පාවිච්චි කරන ලෙසත්, ඉන්පසු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා අභිමත පරිදි උන්වහන්සේ පවත්වන දිව්‍ය පූජා මෙහෙයන් වලදී ප්‍රයොජනයට ගන්නා ලෙසත්, මෙම අධික වටිනා කමකින් යුතු රනින් නිම කල කාලිස් පාත්‍රය පරිත්‍යාග කරනු ලැබූ පවුලේ සමාජිකයන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් ඉල්ලීමක් ද කරනු ලැබූ අතර, උන්වහන්සේ එම ඉල්ලීම පිළිගත් සේක.
සම්පූර්ණ රත්තරනින් නිම කල මෙම කාලිස් පාත්‍රය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙත පූජා කරනු ලැබුවේ, අපොස්තලික ලේකම් අශෝක ප්‍රනාන්දු මහතා සහ නිල්මිණි ප්‍රනාන්දු මහත්මිය සමග ඔවුන්ගේ කුඩා දරු දෙදෙනා වන උපේක්ෂ නෙළුවින්ද ප්‍රනාන්දු සහ අනිෂ්ක දෙව්වින්ද ප්‍රනාන්දු දරු දෙදෙනා විසිනුයි.
සම්පූර්ණ රත්තරනින් සාදා ඇති මේ කාලිස් පාත්‍රයට වටිනා පසුබිම් කතාවක් ද ඇත. එය මෙසේය.
මෙම කාලිස් පාත්‍රය මුලින්ම රත්තරනින් නිමවා ඇත්තේ වර්ෂ 1793 දී ජර්මනියේ රන් කරුවෙකු විසින්. ඔහු එය ශුද්ධවූ දේශයේ, ජෙරුසලමට ප්‍රධානය කර තිබේ. කාලයකට පසුව එය අළුත් වැඩියා කර ඔප දැමීම සඳහා ඉතාලියේ, පූජා භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන සුප්‍රසිද්ධ සමාගමක් වෙත එම ජෙරුසලෙම් දෙව්මැඳුරේ පූජකවරුන් විසින් භාරදී ඇත. ඊට ගාස්තුව වශයෙන් එහි අනුකරණ කාලිස් පාත්‍රයක් සෑදීමට, එම සමාගම, අර ජෙරුසලෙම් පූජකවරුන්ගේ අවසරය ඉල්ලාගෙන තිබෙනවා. ඒ අවසරයට අනුව සෑදූ කාලිස් පාත්‍රයයි මේ. මෙය සම්පූර්ණ රත්තරනින් නිමවා ඇති අතර, ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය, ශාස්ත්‍රවන්තයන් තිදෙනාගේ පැමිණීම සහ එඬේරුන් ශුද්ධවු පවුල බැහැදැකීම යන සුවිශේෂ කරුණු, කාලිස් පාත්‍රය අඩිය මතුපිටත්, එහි බඳේත්, රත්තරනින් සහ රිදියෙන් කැටයම් කර ඇත.
2016 නොවැම්බර් 26 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ විශේෂ වේදිකාවක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ පසුබිම් වාදන මධ්‍යයේ මේ අධික වටිනාකමකින් යුතු කාලිස් පාත්‍රය අපොස්තලික ලේකම් අශෝක ප්‍රනාන්දු මහතා සහ නිල්මිණි ප්‍රනාන්දු මහත්මිය සමග ඔවුන්ගේ කුඩා දරු දෙදෙනා වන උපේක්ෂ නෙළුවින්ද ප්‍රනාන්දු සහ අනිෂ්ක දෙව්වින්ද ප්‍රනාන්දු දරු දෙදෙනා විසින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන්ගේ දෝතට පිළිගැන් වූ අවස්ථාවයි මේ ඡායාරූප මගින් ඔබට දැක ගැනීමට ලැබෙන්නේ.