මඩෙන් උපදින නමුත්, මඩෙහි නොගැලී දියේ මතුපිටට විත් ඉතාමත් අලංකාරව, සුන්දරව පෙනෙන නෙළුම් මල් වැනි උත්තමයන්, උත්තමියන් මෙලොව වාසය කර ඇත. එවැන්නන් නිසා ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරන ලද වදන් ලොව තුල පතට, පොතට සීමා නොවී ජීවමානවත් විය. පේදුරු තුමා, පාවුළු තුමා මෙන්ම ලුර්දුවේ බර්නදෙත් තුමියද එසේය. ඔවුන් තම ජීවිතය රැක ගැනීමට නොව, සත්‍ය උදෙසා ජීවිතය පුදන්නට ජීවතුන් අතර සිටියදීම බලාපොරොත්තුව සිටියෝය.

 

අද අපේ යුගයටද, මිනිස් අප අතර ඉපිද, එහෙත් දෙවිඳුන්ගේම අභිප්‍රායක් අනුව උසස් වූ ද, පූජනීය වූ ද, අපොස්තුළුවර තත්වයට පත්වී ඇති, අති උතුම් රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා නිසා අද මිනිස් ජීවිත ගණනාවක්ම සුවඳවත් වී ඇත. ශු. පාවුළු තුමන් මෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතින්ම පූර්ණ වරම් ලැබු, ලුර්දුවේ බර්නදෙත් තුමිය මෙන් මරිය තුමී ද දැක ගැනීමට භාග්‍ය ලැබු ශු. අන්තෝනි තුමන් මෙන් ජේසු බිළිඳුන් දෝතට වඩවා ගැනීමේ මහිමයද ලබා ගරු පියෝ පියතුමන් මෙන් ශ්‍රී වණ කැලැල් තම ශරීරය තුල දරා ගැනීමටද වාසනාව ලැබු අති උතුම් රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පාමුල, උන්වහන්සේට වඩා දෙගුණයකින් වයස වැඩි වූවන්ද වැඳ වැටෙන්නේ, මිනිස් අපට වඩා උන්වහන්සේගේ උත්තරීතර භාවය නිසාමය. 1957 පෙබ්‍රවාරි 2 වෙනි දින, මෙලොවට ඉපිද, මඩෙන් මතුවූ නමුත්, මඩෙහි නොගැලී දිය මතුපිටට විත් පරිසරය සුවඳවත් කරන නෙළුම් මලක් සේ, මනුෂ්‍යත්වයේ මතුපිටට පැමිණ පිපී බැබලෙන පුෂ්පයක් සේ විකසිත වූ මොහොත 1975 පෙබ්‍රවාරි 7 දින සිට රෝස මල් උඩ පැමිණි උදාර ගමනක් නොවේ. නින්දා අපහාස උපහාස, තාඩන, පීඩන, ප්‍රතික්ෂේප කිරීම් ආදිය පසු කරමින් පැමිණි උදාර ගමනකි. අති උතුම් රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් උදාර ලෙස මේ ගමන පැමිණ ඇත. එසේම උදාර ලෙස ඉදිරියට යනු ඇත. එතුමත් නිහක්‍ෂ කරවීමට උත්සාහ දැරූ අය බොහෝය. එහෙත් තවමත්, අදත්, සතලිස් අවුරුද්දක් අවසන් කර සතලිස් එක් වෙනි වසරට පා තබද්දීත්, ඒ හක්‍ෂ තවමත් එසේමය. වෙනසක් ඇත්නම් එසේ ඇත්තේ, අපොස්තුළුතුමන්ගේ හක්‍ෂ දැන් ජයග්‍රාහී ස්වරූපයක් ගෙන ඇත. ‛‛මම ජේසු තුමන් දුටුවෙමි, මා දෙව් මවුන්ද දුටුවෙමි’’ අති උතුම් ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන් වහන්සේගේ ඒ උදාර, සත්‍ය වදන අදත් රැව් පිලිරැව් දේ.

 

මේ පිපුණු පුෂ්පය යලිත් මඩෙහි ගිලිය යුතු නොවේ. මෙවන් පුෂ්පයක් පිපෙන්නේ පුෂ්පය සඳහා නොව, මුළු මිනිස් අප වෙනුවෙනි. මේ උදාර පුෂ්පයේ ගුණ සුවඳ විඳිමුද නැතහොත් කඩා, පයින් පාගා පොඩිකර දමමුද?