අප දයාබර නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දර්ශණය වී අද මේ වන විට විසිතුන් වතාවක් දර්ශණය වී ඇත. මෙම දර්ශණයන් 23 අතරින්, එතුමිය දර්ශණය වූ 18 වන දර්ශණය අතිශයින්ම විශේෂිත වේ. හේතුව එම දර්ශණයේ දී නිර්මල කන්‍ය මරිය මාතාවෝ ජේසු බිළිඳුන් ද සමගින් දර්ශණය වීමයි.
මරිය තුමියගේ මෙම දර්ශණයන් දැක ගැනීමට වාසනාව ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2017 අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා සවස මෙම දර්ශණයන් සිදුවූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, නිර්මල මරිය තුමී සමගින් ජේසු බිළිඳු ප්‍රතිමාවට නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්නක් පළඳවනු ලැබුවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ භූමියට රැස්ව සිටි මහා සෙනගක් මධ්‍යයේය.
එදින නිර්මල මරිය මෑණියන්ගෙන් වරප්‍රසාද ඉල්ලා බොහෝ ජනතාවක් නිර්මල මරිය තුමී සමගින් ජේසු බිළිඳු ප්‍රතිමාව ඉදිරියේ යාච්ඤා කළහ, එතුමියට කන්නලව් කලහ. බොහෝ දෙනාට මරිය තුමිය පිහිට වී ඇති ආකාරය වාර්තා වී ඇති අතර, අද මේ වන විට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, අද ලෝකයේ මරිය තුමීගේ හාස්කම් බහුල සිද්ධස්ථානයක් බවට පත් වී, ‛‛මරිය තුමියගේ මහා හාස්කම් සිද්ධස්ථානය’’ ලෙසින් ජනතාව අතර ප්‍රචලිත වී ඇත.
නිර්මල මරිය මාතාවෝ ජේසු බිළිඳුන් ද සමගින් දර්ශණ වී වසර 40 ක් සපිරෙනුයේ 2017 ජූලි 27 වෙනි බ්රහස්පතින්දාටයි. එම සංවත්සරය සමරමින් 2017 ජූලි 29 වෙනි සෙනසුරාදා සවස 6 සිට රාත්‍රී 9 දක්වා නිර්මල මරිය තුමී සමගින් ජේසු බිළිඳු ප්‍රතිමාව, එතුමිය දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුල ප්‍රදර්ශණය කෙරෙනු ඇත.
මෙම පැය තුනක කාල සීමාව මරිය තුමියගේ විශේෂ පිහිට වරප්‍රසාද පතා එතුමියට කන්නලව් කිරීම පිණිස ජනතාවට ලැබෙන සුවිශේෂි පැය තුනකි. මෙම කාල සීමාව තුල කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුල තැන්පත් කර තැබෙන නිර්මල මරිය තුමී සමගින් ජේසු බිළිඳු ප්‍රතිමාව ඉදිරියේ ඔබට කැමති වේලාවක් යාච්ඤා කල හැකියි.
තවද මෙම කාල සීමාව තුල දී ඔබගේ ඉල්ලීම් දෙව් මවු පාමුල තැන්පත් කිරීමට ද ඔබට අවස්ථාව හිමිවනු ඇත. ඒ සඳහා ඔබ කල යුත්තේ මෙයයි. 25 කට නොවැඩි වචන සංඛ්‍යාවකින් ඔබගේ ඉල්ලීම ලියාගෙන එන්න. එම ඉල්ලීම ඔබගේ වම් අතේ තබා ගෙන ප්‍රතිමාව ඉදිරියේ ඔබ කැමති වේලාවක් යාච්ඤා කර, ජේසු බිළිඳු වම් අතේ දරා වැඩ සිටින දෙව් මවු ප්‍රතිමාව පාමුල ඇති පෙට්ටියට දමන්න.
ඔබගේ ඉල්ලීම ඉටුවූවාට පසුව අනිවාර්යයෙන්ම අපට දැනුම් දෙන්න.