මේ සිද්ධස්ථානයේ ගේට්ටුව ඉස්සරහට දැන් බස් එකක් ආවොත්, ඒකෙ බෝඩ් එකක් ගහලා තිබුනොත් ‛ස්වර්ගය’ කියලා. ඔයගොල්ලෝ කී දෙනෙක් සූදානම්ද බස් එකට නගින්ඩ? කෙලින්ම යන්නේ ස්වර්ගයට. අත උස්සන්ඩ බලන්ඩ කී දෙනෙක් ලෑස්තිද කියලා…….. එක්කෙනෙක් අත ඉස්සුවා. පේන තෙක් මානයේ එක්කෙනෙක් අත ඉස්සුවා. හැබැයි අත දැම්මා පල්ලෙහාට. භාගෙටයි ඉස්සුවේ. අනික් ඔක්කෝටම ඔය බස් එකට නගින්ඩ බැරි හේතු තියෙනවා. බස් එකට නගින්ඩ ආසාව තිබුනත්, බස්එකේ දොර ළඟට ගිහිල්ලා කියයි………… කොච්චර දේවල් තියෙනවද අප්පේ කියන්ඩ……. මගේ පුතා දාලා යන්ඩ මට බෑ. මගේ දුව දාලා යන්ඩ මට බෑ. මගේ තාත්තා, මගේ අම්මා. ඇයි මගේ පෙම්වතිය, මගේ පෙම්වතා මට දාලා යන්ඩ බෑ. හොඳයි අපි මෙහෙම හිතමු…… බස් එකේ කන්ඩක්ටර් වැඩේ කරන්නේ ගාබ්‍රියෙල් දේව දූතයා කියලා. අනේ දේවදූත තුමෙනී, බැංකුවේ සල්ලි මෙච්චර තියෙනවා. තාම මම කාටවත් ලියලා නෑ. මගේ නමටයි තියෙන්නේ…………. මං කොහොමද අප්පේ එන්නේ.

 

දැන් බලන්ඩ ඔයගොල්ලෝ කවුරුවක්වත් අත ඉස්සුවේ නෑනේ. ස්වර්ග රාජ්‍යයට කෙලින්ම අරගෙන යන බස් එකක් මෙතන ඇවිල්ලා නවත්වනවා කිව්ව ගමන් එක අතයි ඉස්සුනේ. ඒත් අතෙන් භාගයයි.

 

ඉතින් ප්‍රේමවන්ත දරුවෙනී, අපි කොහොමද මේ දිව්‍ය ශ්‍රී පූපයේ මුවා වූ ජේසුට නමස්කාර කරන්නේ? ස්වාමිනී ඔබවහන්සේ දැන් එන්ඩ කිව්වොත් මම සූදානම් නෑ. ඒකයි ඔයගොල්ලන්ගේ පිළිතුර. මං ඔයගොල්ලන්ට දොස් කියනවා නෙමේ. මේ තත්වයෙන් එතෙර වෙන්ඩ. ක්‍රමක්‍රමයෙන් ශුද්ධවන්ත මාර්ගයට යන්ඩ. එතකොට මේ බැඳීම් වලින් ඔබ ලෙහෙනවා. එවිට ඔබ දිව්‍ය සත්ප්‍රසාදයේ මුවා වූ ජේසු තුමන්ගේ සෙනෙහස, සැනසීම, ඔයගොල්ලෝ මේ ලෝකේදීම ලබා ගන්නවා. මන්ද මෙය ජේසුස් ස්වාමින් වහන්සේ පය ගැසූ භූමියයි. මරිය තුමී පය ගැසූ භූමියයි. ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වූ භූමියයි. මරිය තුමී දර්ශණය වූ භූමියයි. මම ඔබට කථා කරන්නේ ඔබ තුල තියෙන විශ්වාසෙන් නොවෙයි. අත්දැකීමක් ඇතුවයි. මම ජේසුස් ස්වාමින් වහන්සේව දැක්ක, මරිය තුමීව දැක්ක අපොස්තුළු තුමෙක්.

 

(2011 ඔක්තෝම්බර් 8 වෙනිදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පවත්වනු ලැබූ දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාද මෙහෙයේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ බැතිමතුන් අමතා පවත්වනු ලැබූ දේශණයෙන් කොටසකි)