2016 වසරේ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවෙන් පසුව බැතිමතුන්ට විශේෂ අවස්ථාවක් සැලසුනේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ නව අපොස්තලික ශාලාව තුල දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ව බැහැදැකීමටයි.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ භූමියේ ඉදිකර තිබූ මණ්ඩපයේ සිට, අපොස්තුළුතුමෙකු වශයෙන් පුද දුන් සිය සතලිස් දෙවන නත්තල් මංගල දිව්‍ය පූජාව පැවැත් වූ ශුද්ධෝත්තම අපොස්තලික පියාණන් සහ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි බැතිමතුන් අතර පුද්ගලීකවම නත්තල් සුභ පැතුම් හුවමාරු වූයේ, නත්තල් මංගල දිව්‍ය පූජාවෙන් පසුව පැවති මෙම හමුවේදී යි.
අළුයම සිට හිරු උදාවට ආසන්න වන තෙක් ම බාල, තරුණ, මහළු ආදී විවිධ වයස් මට්ටම්වල මෙම බැතිමතුන් මහන්සිය නොබලා, ශුද්ධෝත්තම අපොස්තලික පියාණන් ව බැහැදැක නිවෙස් කරා ගියේ විශාල සතුටකිනි.
නත්තල් මංගල දිව්‍ය පූජාවෙන් පසුව අපොස්තලික ශාලාව තුල දී බැතිමතුන් ශුද්ධෝත්තම අපොස්තලික පියාණන් බැහැදුටු අවස්ථාවේ ඡායාරූප කීපයක් මේ.















