ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ වසර 44ක අපොස්තුළුවර දිවියේ, උන්වහන්සේගේ සුරතින් ආසිරි ගැන්වුන තවත් විවාහ දිවියක ආරම්භයක් පසුගිය අගෝස්තු 30 වෙනි දා සිදු විය. එය රන් අකුරින් ලියවුන තවත් ආදර කතාවක් විය.

 

එම ආදර කතාව ලියවුණේ දූනගහ වැඩිහිටි නිවාසයේ, තම ජීවිතේ සැඳෑ සමය ගෙවන, සමාජය විසින් බිත්ති හතරට කොටු කර දමා තිබෙන අසරණ දෙමාපියන් පිරිසකගේ මුහුණට සිනහවක් හා සන්තෝෂයක්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව වසන සියලුම ක්‍රිස්තියානීන්ට අණ කර ඇති ආකාරයට ඉෂ්ට සිද්ධ කරමිනුයි.

 

කටුනායක පදිංචි ශෙඩ්රික් ක්‍රාමර් තරුණ මහතා හා මීගමුව කුරණ පදිංචි ප්‍රසානි ඉමන්ති ජයමහ තරුණ මෙනවිය, මෙදින ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදය ලබමින් තම ආදර කතාව ලිවීමට වාසනාව ලැබූවන් විය. ඔවුන් දෙපල අමතා සදාදරණීය පියකු ලෙස ලබා දුන් අවවාද අනුශාසනාවන්, ඒ දෙපලට මෙන්ම, අදටත් විවාහ වී සිටින්නන් හටද, ඉදිරියේදී විවාහ වීමට බලාපොරොත්තුව සිටින්නන්ටද, කියා දුන්නේ කිසිදා අමතක නොවන ගුරුහරු කමකි.

 

අද සමාජය තුළ ආදර කතාවන් විවාහය තුලම අවසන් වන අතර, සමහර විවාහයන් දුම්රිය දැක දැක එයට පැනීමෙන්, වස බෝතල් වල රස බැලීමෙන්, කඹ වල හයිය බැලීමෙන් යන අවාසනාවන්ත කරුනු වලින් අවසන් වී ඇති බව ප්‍රකාශ කළ ශුද්ධෝත්තම අපොස්තුළු තුමා වැඩිදුරටත් කියා සිටියේ දෙදෙනෙකුගේ පලමු දැක්ම ඔවුන් අතර ඇතිවන ආදරය වන බවත් ටික කාලෙකදි එය අවබෝධයකට පෙරලී, එම දෙහදක එක්වීමේ ආදර කථාව විවාහයෙන් ආරම්භ වන බවයි. ඒ සමගම විවාහ ජීවිතයක සාර්ථකත්වයට ආශිර්වාදයක් වන, පින ලබාගත යුත්තේ, පිනක් ලබා දිය හැකි පිරිසකගෙන් මිසක්, කා බී රණ්ඩු සරුවල් කර විවාහ උත්සවයක් උඩු යටිකුරු කළ හැකි පිරිසකට ආරාධනා කිරීමෙන් නොවන බව, ශුද්ධෝත්තම අපොස්තුළු තුමා උදාහරණ ගෙන හැර දක්වමින් පැහැදිලි කර දුන්නේ එය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කල නියමයක් බව ශුද්ධවූ බයිබලයේ සදහන්ව ඇති කරුණුද ඉස්මතු කරමිනි.

 

එමෙන්ම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කර සිටියේ, අද සමාජය තුල සාර්ථක විවාහ ජීවිතයක් යනු මහා බැරෑරූම් ක්‍රියාවක් වන අතර එයට ප්‍රධානම හේතුව වන්නේ ගෙදර ප්‍රශ්ණ පිටට ගෙන ගොස් විසදීමට උත්සහ දැරීම බවයි. ඒ මගින් පිටස්තරයින්, පවුලක ප්‍රශ්ණ වලට සම්බන්ද වීමෙන්, ප්‍රශ්ණය තව තවත් උග්‍ර වන බවයි. මෙවන් සමාජ පසුබිමක් ඇති වටපිටාවකට, උන්වහන්සේ මේ දෙපල එකට එකතු කර පිටත් කර හරින්නේ සොරුන්, මංකොල්ලකරුවන්, අපරාධකාරයින් සිටින අදුරු පාළු මාවතකට මේ යුවල රත්තරනින් පුරවා ගමන් කිරිමට පිටත් කර හරින ලෙසට බවයි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් විසින් කරන්නට යෙදෙන ධර්මෝපදේශය දේශන මාලාවේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නියමය අනුව භෝජන සංග්‍රහයක් පිළියෙළ කළ යුත්තේ කෙසේද යන ධර්ම දේශනයට සවන් දී, තම යුගදිවියේ ආදර කතාව ඉතිහාසයේ මුල්වරට රනින් ලියූ, රංග ප්‍රසාද් මහතා සහ සදුනි දිලීකා මහත්මිය ද මෙදින මෙම අවස්ථාවට සහභාගී වී සිටිනූ දැකගන්නට ලැබුනි.

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වසර 2000 කට පමණ පෙර මෙලොවට පැමිණ කියා දුන් දේව රාජ්‍යයේ පණිවිඩය උන්වහන්සේ විසින්ම තෝරා පත්කල ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් නැවතත් මේ මුළු ලොවටම හංසයෙකු දියෙන් කිරි වෙන්කර හදුනා ගන්නා සේ බොහොම සියුම්ව තෝරා බේරා දෙන ධර්ම කරුණු වලට ජීවයක් ලබා දෙමින්, පිරිසිදු හිතින් සිදුවන්නා වූ මෙවන් කාර්තව්‍යයන් වලට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හා මරිය මෑණියන්ගේ නොමද ආශිර්වාදය ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

 

කටුනායක පදිංචි ශෙඩ්රික් ක්‍රාමර් තරුණ මහතා හා මීගමුව කුරණ පදිංචි ප්‍රසානි ඉමන්ති ජයමහ තරුණ මෙනවිය විවාහ දිවියට ඇතුලත් කිරීමට පෙර ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් නව යුවලට උපදෙස් සහ අවවාද රැසක් සමගින් සිය දේශණය පවත්වනු ලැබූ අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in Sri Lanka