ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන් සිය 62 වන ජන්ම දිනය සමරමින්, පානදුරයේ වැඩිහිටි නිවාසයක ජීවත්වන මහළු දෙමාපියන් රැසක් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබුවා. පානදුරයේ, ආලෝකා වැඩිහිටි නිවාසයේ වෙසෙන මේ මහළු දෙමාපියන්, දරුවන්ගෙන් ද, ඥාතීන්ගෙන් ද වෙන්ව හුදකලාව ජීවත් වෙන අතර, ඔවුන්ට ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ඔවුන් සමග කාරුණිකව කතා බස් කරමින්, ඔවුන්ට සැනසිලි වදනින් සංග්‍රහ කිරීමට ද කාලය ගත කිරීම විශේෂත්වයක්.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා මෙලොව උපත ලද්දේ, 1957 පෙබ්‍රවාරි 2 වෙනි දිනයේ යි. පසුගිය 2019 වසරේ දී උන්වහන්සේ මෙලොව මෙම දිවියේ වසර 62 ක් සම්පූර්ණ කරනු ලැබුවා.
එදායින් පසු තවත් වසරක නිමාව දකිමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙම 2020 වසරේ පෙබ්‍රවාරි 2 වෙනි දින උන්වහන්සේ සිය 63 වන උපන් දින සංවත්සරය සමරනු ලබනවා.
ආලෝකා වැඩිහිටි නිවාසයේ, නේවාසිකව පසුවන දෙමාපියන්ගේ උපන් දින සුභ පැතුම් ගීත මධ්‍යයේ ප්‍රථමයෙන් කේක් එකක් කපා ඔවුන්ට පිළිගැන් වූ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, මහළු වැඩිහිටි දෙමාපියන් අමතා කතා කරමින් පවසා සිටියේ, ඔවුන් දැන් මහළු නිසා ලෝකයට ඔවුන්ගෙන් වැඩක් නැත කියා නොසිතන ලෙසත්, මම අද මැරෙයි ද නැත්නම් හෙට මැරෙයිද කියා සිතමින් ජීවත් නොවී දිනපතා ප්‍රබෝධයෙන් යුතුව ජීවත් විය යුතු බවයි.
දැඩි අවධානයකින් යුතුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට සවන් දෙමින් සිටි මේ වයෝවෘද්ධ දෙමාපියන් ඉදිරියේ තව දුරටත් උන්වහන්සේ කියා සිටියේ, ශ්‍රී ලංකාවේ විසූ ශ්‍රෙෂ්ඨ සංඝ පීතෘන්වහන්සේ නමක් වන අති පූජ්‍ය අග්ග මහා පණ්ඩිත, අභිධජ මහා රට්ඨ ගුරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ඉතා හිතවත් මිතුරෙකු බවත්, දිනක් අපොස්තලික පියතුමා බණ්ඩාරවෙල යන අතරේ තම මෝටර් රථය බලන්ගොඩ පසුකර යත්දී, නිකමට මෙන් මහා නායක හිමිපාණන් සිටිත් දැයි බලාගෙන යාමට සිත්වී, කලින් දැනුම් දීමක් කර නොතිබුනත්, නිකමට උන්වහන්සේගේ පන්සලට ගොඩ වූ බවත්, මහා නායක මාහිමිපාණන් පන්සලේ වැඩ සිටි අතර, ඒ අවස්ථාවේ උන්වහන්සේ සිය පරිඝනකයෙන් ත්‍රි පිටකය පරිඝනක ගත කරමින් සිටිය බවත්, එවිට මහා නායක මාහිමිපාණන්ගේ වයස අවුරුදු 100 ක් බවත් පවසනු ලැබුවා.
ඒ වෙලාවේ අති පූජ්‍ය ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන්, ‛‛පියතුමා, ඉගෙන ගන්න දෙයක් තමයි අපි අරගෙන යන්නේ. මේක දැන් හොඳට පුරුදු වුනොත් ඊළඟ පාර මම ඉපදෙනකොට, පොඩි කාලේ ඉදන්ම මට කම්පියුටර් පුළුවන් වෙනවා’’ යනුවෙන් පවසූ බවත්, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් ද ‛‛හරියට හරි හාමුදුරුවනේ හොඳම අදහස. ඔබවහන්සේ හොඳට ඔය වැඩේ හොදට කරන්ඩ’’ කියා පැවසූ බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා කියා සිටි අතර, එම අවස්ථාවේ අති පූජ්‍ය ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන් සහ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් අතර සිදුවූ සාකච්ඡාවේ තොරතුරු රැසක් ද හෙළි කරනු ලැබුවා.
අසරණව දිවි ගෙවන එම මහළු දෙමාපියන් අමතා ඔවුන්ව දිරිමත් කරමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා පවසා සිටියේ, මේ ගෙවන්නේ ජීවිතයේ සන්ධ්‍යා සමය ලෙස නොසලකා නිතරම යහපත් සිතුවිල්ලකින් යුතුව, යහපත් වැඩක නිරත වන ලෙසයි. ඔබව අත්හැර දමා සතුටින් ජීවත්වන සියළු දරුවන්ට යහපතක් ම ප්‍රාර්ථනා කරන්න යයි පැවසූ උන්වහන්සේ දිනපතා පැයක කාලයක් ඇවිදීමට යොදා ගන්නා ලෙසට ද, එය අපහසු නම් දිනපතා විනාඩි දහයකින් ආරම්භ කර ඉන්පසු ක්‍රමයෙන් කාලය වැඩි කරන ලෙසට ද කරුණාවෙන් උපදෙස් දෙනු ලැබුවේ, දයාබර පියෙකු ලෙසිනුයි.
2019 පසුගිය වසරේ පෙබ්‍රවාරි 2 වෙනි දින සිය 62 වන ජන්ම දිනය සමරා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා පානදුර ආලෝකා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින මහළු මවු පියන් වෙත දිවා භෝජනය සංග්‍රහය පිරිනැමීමට පෙර ඔවුන්ගේ ගීත ගායනයන්ට සවන් දුන් අයුරුයි මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකිවනුයේ