His Holiness the Apostle Rohan Lalith Aponso

කටුනායක ශෙඩ්රික් ක්‍රාමර් තරුණ මහතා සමගින් මීගමු – කුරණ ප්‍රසානි ඉමන්ති තරුණ මෙනවිය 2019 අගෝස්තු 30 වෙනි සිකුරාදා දින අතිනත ගෙන යුග දිවි ආරම්භ කරනු ලැබුවේ ලොවටම ආදර්ශයක් දෙමිනුයි.

මෙවැනි අවස්ථාවක කටයුතු කල යුත්තේ කෙලෙසින් ද යන වග ඔවුන් දෙපළ විශේෂයෙන්ම සියළු ක්‍රිස්තියාණින් වෙත පෙන්නුම් කරනු ලැබුවේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමක් ලොවටම මතක් කර දීමෙන්ය.

ලූකස් තුමාගේ සුවිශේෂයේ 14 වන පරිච්ඡේදයේ සදහන් ‛‛ඔබ රෑ කෑමක් හෝ දවල් කෑමක් හෝ පිළියෙල කරන කල, ඔබේ මිතුරන්, සහෝදරයන්, නෑයන් හෝ පොහොසත් අසල්වාසීන් හෝ නොකැඳවන්න, එසේ කළොත් ඔවුන් ද එසේම ඔබත් කැඳවනු ඇත. එයින් ඔබට එහි විපාකය ලැබෙයි. එහෙත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙල කරන කල, දිළිඳුන් ද අබ්බගාතයන් ද කොරුන් ද අන්ධයන් ද කැඳවන්න. ඔබට ප්‍රතිවිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්‍යවන්ත වන්නෙහිය’’ යයි ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමට අනුව කුමන හෝ භෝජන සංග්‍රහයක දී අසරණ වූවන් වෙනුවෙන් එය පවත්වන ලෙස, සමාජයෙන් කොන්වී දුක් විඳින අය වෙනුවෙන් පවත්වන ලෙස, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා උන්වහන්සේගේ දේශණයක දී පසුගිය දිනයක කරුණු කාරණා පැහැදිලි කරනු ලැබූහ.

ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන්ගේ පැහැදිලි කිරීමට අනුව පසුගිය අගෝස්තු 30 වෙනි සිකුරාදා උදේ මීගමුවේ, දූනගහ වැඩිහිටි නිවාසයේ දී නව යුවල විවාහ දිවියට ඇතුලත් වූයේ දරුවන් ගෙවලින් පිටමං කරදමා, හුදකලාව අසරණව රෝගීව දිවි ගෙවන වියපත් මවුපියන් 70 ක් මධ්‍යයේය.

ශෙඩ්රික් ක්‍රාමර් සහ ප්‍රසානි ඉමන්ති නව යුවල ආසිරි ගන්වා, මුදු මාල හුවමාරු කරවා නව යුග දිවියට සාර්ථක උපදෙස් රැසක් ද සමගින් යුග දිවි ගැන්වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසිනි. ඒ සදහාම උන්වහන්සේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිට දූනගහ වැඩිහිටි නිවාසය වෙත පැමිණ සිටීම නව යුවලට දේවාශිර්වාදයකි.

වැඩිහිටි නිවාසයේ දිවි ගෙවන සැත්තෑවක් වූ වැඩිහිටි පිරිසට සිත් සේ කා බී ප්‍රීතිවීමට රසවත් භෝජන සංග්‍රහයක් මෙන්ම, සිතට සුව දෙන මියුරු සංගීතය ද යොදවා තිබුනි. අසරණ මහළු මා පියන්වෙත ආහාර පිළිගැන්වීමට නව යුවල සමග ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද මහත් සතුටින් එක්වී සිටීම විශේෂත්වයකි.

දරු සෙනෙහසින් ඈත් වී ජීවිතයේ සැදෑ සමය මෙලෙස හුදකලාව දිවි ගෙවන අසරණ මහළු මා පියන් සැමටම නව යුවල තෑගි පිරිනැමූ අතර, ඒ සදහාද නව යුවල සමග ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද එක්වී සිටීම තවත් විශේෂත්වයකි.

මෙහි ඡායාරූප බලන්න. මේ එම උත්සවය අලලා ඡායාරූප ඉතා ස්වල්පයක් පමණකි