නිර්මල කන්‍ය මරිය තුමියගේ සරණය අද ජනතාවට ඉතාමත් අවශ්‍ය කාලයක් වී ඇත. මිනිසුන්ගේ පාපයේ වැඩිකම නිසා මෙවැනි තත්වයක් ඇති වී ඇතැයි විටෙක අපට සිහිපත් වෙයි. නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1978 ජූලි 1 වෙනි දින, ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, දසනව වන වරට දර්ශණය වෙමින් දෙනු ලැබුවාවූ පණිවිඩයෙහි එක් වගන්තියක් වූයේ, ‛‛මා පුතණුවන් ගලවා ගත් ලෝකය පෙරට වඩා දැඩි වේගයකින් පාපය කරා ගමන් කර, යක්ෂයා වෙත පිය නගනවා’’ යනුවෙනුයි. අවුරුදු 40 කට පෙර නිර්මල කන්‍ය මරිය තුමිය ලොවට මෙම පණිවිඩය ප්‍රකාශ කර ඇත්තාහ. අවුරුදු 40කට පෙර කාලය මතක ඇති වැඩිහිටියන් ටික වේලාවක් කල්පනා කලහොත්, අප භාග්‍යවත් කන්‍ය මරිය තුමියගේ අනතුරු හැගවීම තේරුම් යනු ඇත. එදත් අදත් අප ජීවත්වන සමාජය සසදා බැලුව හොත් සැබවින්ම මිනිසුන් පාපය කරා ගමන් කර ඇති ආකාරය පහසුවෙන්ම තේරුම් ගැනීමට හැකියි. එසේනම් මිනිසුන් පිය නගා ඇත්තේ යක්ෂයා වෙතටයි. බොහෝ මිනිසුන් යක්ෂයා වෙත පිය නගා, දැන් යක්ෂයාගේ තුරුල්ලේම ගුලි වී ඇත.
කෙසේ වෙතත් අප දයාබර කන්‍ය මරිය මාතාවෝ අපව අමතක කර නැත. අපව යක්ෂයාගෙන් ගලවාගෙන සැනසීම උදාකර දීම සදහා විශාල වෙහෙසක් දරමින් සිටින්නාහ. අද ලෝකය වෙත මරිය තුමියගේ බලය පැතිරෙන්නේ ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් බව ඉතාමත් පැහැදිලියි. මරිය තුමියගේ සරණය ජනතාවට ඉතාමත් අවශ්‍ය කාලයේ, මරිය තුමිය ද ජනතාව වෙත ලගාවී ඇත. එතුමිය ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිට, එහි ලගාවන දනන් වෙත සිය අනුකම්පාවේ සහ වරප්‍රසාදයේ හස්තය දිගු කරන්නාහ.
නිර්මල කන්‍ය මරිය මාතාවෝ අප ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වරට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ට දර්ශණය වූයේ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දිනයි. එතැන් සිට මේ වන තෙක් විසිතුන් වතාවක් දර්ශණය වූ අප ආදරණීය කුමරි මරිය මාතාවෝ සිය දසසය වන දර්ශණයේ දී එතුමියගේ නාමයට කැප කරනු ලැබූ කුඩා දෙව් මැදුරක් ඉදිකරන මෙන් ඉල්ලීමක් කරනු ලැබුවාය. මරිය තුමියගේ ඉල්ලීම ඉටු කරමින් අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ඉදිකරනු ලැබූ අලංකාර දර්ශණ දේව මන්දීරය පසුගිය අගෝස්තු 11 වෙනි සෙනසුරාදා නිර්මල කන්‍ය මරිය මාතාවන් වෙත පුද දෙනු ලැබූ සේක.
නිර්මල කන්‍ය මරිය මාතාවෝ ද අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් මගින් දින පහක විශේෂ වරප්‍රසාද දායක කාලයක් අපට ලබා දුන්හ. එම දින පහෙන් සතරවන දිනය ලබන සෙනසුරාදා (සැප්තැම්බර් 1) දිනට යෙදී ඇත.
මෙම විශේෂ වරප්‍රසාද දායක කාල සීමාවේ, දර්ශණ දේව මන්දීරය තුල ජීවමාන වන්නාවූ නිර්මල කන්‍ය මරිය තුමිය පාමුල ලබන සෙනසුරාදා සවස 6 ට ජපමාලය උච්චාරණය කරනු ලබන අතර, ජපමාලය උච්චාරණය කිරීම අවසානයේ දර්ශණ දේව මන්දීරය තුල නිර්මල කන්‍ය මරිය තුමිය පාමුල තබා ඇති රතු පෙට්ටියට ඔබගේ ඉල්ලීම් ලිපි දැමීමට අවස්ථාව ලැබෙනු ඇත.
නිර්මල කන්‍ය මරිය තුමියගේ ඉල්ලීම ඉටු කරමින් තනනු ලැබූ ආසියාවේ ප්‍රථම සහ එකම දේව මන්දීරය වූ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දේව මන්දීරය තුල මේ විශේෂ වරප්‍රසාද දායක කාලයේ ජීවමාන වන්නාවූ නිර්මල මරිය මෑණියන් පාමුල තමන්ට පිහිට වන ලෙස ඉල්ලා යැදුම් පුදන සැදැහැවතුන් පිරිසක් මේ ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි