අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමිය නිල වශයෙන් දෙව් මවුන් වෙත භාර කිරීම සංකේතවත් කරමින් 2016 නොවැම්බර් 26 වෙනි සෙනසුරාදා සවස සිද්ධස්ථාන දර්ශණ භූමියේ පවත්වනු ලැබූ ගීත සන්ධ්‍යාවේ දී අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා විසින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙත වටිනා දියමන්තියක් තෑගි කරනු ලැබීය.

 

එවන් වටිනා දියමන්තියක් අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා විසින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙත පරිත්‍යාග කරනු ලැබුවේ ඇයි? එයට හේතුව පැහැදිලි කරමින් උත්සවයේ නිවේදක මහතා විසින් කරනු ලැබූ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

 

‛‛ශුද්ධෝත්තම අපොස්තුළු තුමෙනි, ඔබවහන්සේට තවත් සුවිශේෂී ත්‍යාගයක් පිරිනමන්නටයි මේ සූදානම. පයට පෑගුනත් මැණික් ගලේ වටිනාකම අන්ධයා දන්නේ නැහැ කියලා කතාවක් තියනවා. ඉතින් ඔබවහන්සේව දෑසට පෙනුනත්, ඔබවහන්සේ වැනි උත්තමයෙකුගේ වටිනාකම දැනෙන්නට නම්, දෑස පමණක් මදි, මොලයකුත් අවශ්‍යයයි. ඔබවහන්සේගේ වටිනාකම මැණිකකට වඩා වැඩියි. ඒ බව සලකුණු කරමින් ඔබවහන්සේට මේ පුදන්නට යන්නේ ඉතා වටිනා දියමන්තියක්. මීට විශේෂ හේතුවක් තිබෙනවා. ලබන 2017 වසරේ පෙබ්‍රවාරි 2 වෙනි දිනයට ඔබවහන්සේ මෙලොව මේ ජීවිත සමයේ, වසර 60 ක් සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ ලබන පෙබ්‍රවාරි 2 වෙනිදාට යෙදෙන්නේ ඔබවහන්සේගේ දියමන්ති උපන් දින සංවත්සරයයි. ඒ නිසාම, මැණිකකටත් වඩා, ඔබවහන්සේව මට අගෙයි කියන සංකේතය ලෙසින් වටිනා දියමන්තියක් ඔබවහන්සේට පුද දීමට අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා දැන් සෑදී පැහැදී සිටිනවා. ඉතින් ඒ මහතාට මම ගෞරවයෙන් ආරාධනය කරනවා, ඒ වටිනා දියමන්තිය, මේ ඊටත් වඩා වටිනා ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් වෙත පුද දීමට වේදිකාවට පිවිසෙන ලෙස.’’