ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ 64 වන ජන්ම දිනය යෙදී තිබුනේ 2021 පෙබ්‍රවාරි 2 වෙනි දිනයටයි. 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ට උන්වහන්සේ මෙලොවට උපත ලබමින්, මේ මහා පෘතුවිය ස්පර්ෂ කරනු ලැබුවා.
ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් උපත ලද ඒ මැදියම් රාත්‍රිය, ඒ පින්බර රාත්‍රිය, උන්වහන්සේ අදටත් ජීවමානව වැඩවසන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ගත කිරීම සදහා විවිධ ප්‍රදේශයන්ගෙන් උන්වහන්සේගේ අනුගාමිකයන් රැස්වන්නේ අවුරුදු ගණනාවක සිටයි. අවුරුදු පතා විවිධ නවාංගයන් එක් වෙමින් මේ අසිරිමත් මැදියම් රැය විචිත්‍රවත් වන්නේ පුංචි නත්තලක සිරිය සංකේතවත් කරමින් බව සදහන් කල යුතුමයි.
මෙම 2021 වසරේ පෙබ්‍රවාරි 1 වෙනි දින මැදියම් රැය ද, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පුංචි නත්තලක් වුනා. මැදියම් රැය නොතකා, මැදියම් රැයේ ගමන් අපහසුකම් නොතකා, පුංචි අත දරුවන් තුරුළු කර ගත් මව්වරුන්ගේ සිට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ටත් වඩා වයසින් වැඩි මහළු අය දක්වා වූ සැදැහැවතුන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමිය තුල රැස්ව සිටියේ කිසිවෙකුගේවත් බලකිරීමක් නිසා නොවේ. ඔවුන් සැමගේ හදවත් තුල, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් කෙරෙහි ලැගුම් ගෙන ඇති ආදරය නිසයි. ඒ ආදරයට හේතුව, ආදරයෙන් දහම කියා දී, ඔවුන්ව යහපත් මාර්ගයට ගත්තේත්, ගනු ලබමින් සිටින්නේත්, අවුරුදු 64 කට පෙර, පෙබ්‍රවාරි 1 වෙනි දා මැදියම් රාත්‍රියේ දී මෙලොවට උපත ලැබූ මේ අපොස්තුළුතුමාණන් නිසයි.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මෙතෙක් මෙලොව ජීවත්ව සිටි අවුරුදු 64 ක් වන කාලයෙන්, තුනෙන් දෙකකටත් වඩා කාලයක් වූ අවුරුදු 46ක්, ‛‛අපොස්තුළු තුමෙකු’’ ලෙසින් මෙලොව ජීවත්ව තිබෙනවා. මේ ශුද්ධවු අපොස්තුළු තුමා මේ ලෝකයට ඉපදුන වේලාව, ලෙහෙසියෙන් පහසුවෙන්, ජනතාවට උන්වහන්සේ වෙත ලඟාවිය හැකි වේලාවක් නොවේ, මධ්‍යම රාත්‍රී 12 ටයි. පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12ටයි.
ලොව දිනයක් නිමවී, අලුත් දවසක් උදාවන මධ්‍යම රාත්‍රී 12ට උපත ලැබූ මේ ශුද්ධවු අපොස්තුළු තුමන් වාසය කරනු ලබන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත, මෙම වසරේදීත්, ජනතාව, ඇදී එන්නට පටන් ගත්තේ රාත්‍රී 10 පමණ සිටයි.
මධ්‍යම රාත්‍රී 12 ආසන්න වන විට සැදැහැවතුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ 64 වෙනි ජන්ම දිනය සමරා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත උන්වහන්සේගේ පිංතූරය අභියස, ඉටිපහන් සහ හදුන් කූරු දල්වා උන්වහන්සේ වෙත සිය භක්තිය පුද දුන් අතර ‛64’ අංකය සංකේතවත් කරමින් පොල්තෙල් පහන් දල්වන්නට ද පටන් ගත්තා.
මෙම උපන් දින උත්සවයේ කටයුතු සංවිධානය කරනු ලැබූ සිද්ධස්ථාන පාලක මණ්ඩලය පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 11.57 වන විට සම්පූර්ණ සිද්ධස්ථානයේ ම විදුලිය විසන්ධි කරනු ලැබූ අතර, හරියටම මධ්‍යම රාත්‍රී 12 ට මුළු සිද්ධස්ථානයම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරනු ලැබුවා. ඔවුන් එයින් සංකේතවත් කරනු ලැබුවේ, පාපයේ අන්ධකාරයේ ගමන් කරන්නා වූ ජනයාට, ධර්මයේ ආලෝකය උදා කිරීම සදහා වසර 64 කට පෙර අපොස්තුළුතුමෙකුගේ උත්පත්තිය සිදුවූ බවයි.
ඉන් ටිකවේලාවකට පසුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ද ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට පැමිණි අතර, තමන් අතරට උන්වහන්සේගේ පැමිණීම සියළු සැදැහැවතුන්ගේ මහත් වූ ආනන්දයට හේතු වුනා. උන්වහන්සේගේ පැමිණීමත් සමග සියල්ලෝම ‛සුභ උපන් දිනයක් වේවා’ නැමැති ඉපැරණි ඉංග්‍රීසි ගීතය මහ හඩින් ගායනය කිරීමට ආරම්භ කරනු ලැබුවා.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී සමරණු ලැබූ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ 64 වෙනි ජන්ම දින උත්සවයේ විවිධ අවස්ථාවන් කීපයක් මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි