‛‛එදා වගේමයි  අදත් පායන මේ ඉර හඳ යට’’ නමැති ගීතයට මේ වන විටත් ඔබ සමහර විට සවන් දී ඇති. මෙම ගීතය ගායනා කරන්නේ ශ්‍රී ලංකාවේ නැගී එන තරුණ ගායකයෙක් වන අර්ජුන රූකාන්තයි. නමුත් මේ ගීතයේ පසුබිම් කතාව කුමක්ද, ගීතයේ ලිව්වේ කවුදැයි ඔබ නොදන්නවා විය හැකියි.

 

අපොස්තලික මාධ්‍ය ජාලයේ, මාධ්‍ය ප්‍රකාශක දූරය දරන්නේ සශික විෂාන් මහතායි. ඒ මහතා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා පවත්වනු ලබන දේව මෙහෙයන්ට සහභාගි වෙමින්, උන්වහන්සේගේ දේශනා අසනු ලබන්නේ ඔහුගේ ගැටවර වයසේ සිටයි. ඒ නිසාම ක්‍රිස්තුස් වහන්සේ වදාළ ධර්මය දෙස ඉතා පුළුල් අන්දමින් බැලීමට ඒ මහතාට හැකි විය. ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ දේශනා වෙත ඔහුගේ තරුණ සිත ඇදී යන්නට විය.

 

වසර 15කටත් වැඩි කාලයක් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ දේශණ වලට සවන් දුන් සශික විෂාන් මහතා, අපොස්තලික සේවාවන් වලට ද සම්බන්ධ වූ අතර, මේ වන විට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මහජන සම්බන්ධතා නිලධාරි ධූරය ද, අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක ධූරය ද වැනි කාර්‍ය බහුල තනතුරු දරණු ලබයි. මේ නිසාම අපොස්තුළු තුමෙකුව ලඟින් ඇසුරු කිරීමේ දුර්ලභ වාසනාව ඒ මහතාට හිමිවී ඇත.

 

පවට භිය ඇති, පිනට ලැදි ඇති සමාජයක් ලොව ඇති කිරීම සඳහා ශුද්ධෝත්තම අපොස්තුළු තුමා දරණ මහන්සිය වටහාගත් සශික විෂාන් මහතා, ශුද්ධවු අපොස්තුළු තුමන්ගේ පණිවිඩය ලොවට ගෙන යාමට නව මං සොයන අතරේ, තරුණ පරපුර කවදත් කැමති ගීතයන් ඔස්සේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ දහම් පණිවිඩය ලොවට දීමට දැරූ උත්සහයේ ප්‍රතිඵලයක් වශයෙන් ‛‛එදා වගේමයි අදත් පායන මේ ඉර හඳ යට’’ නැමැති ගීතය ඔහුගේ සුරතින් ලියවුනි.

 

මෙම ගීතය ගායනා කරවීම සඳහා ඒ මහතා තෝරා ගත්තේ අර්ජුන රූකාන්ත තරුණ ගායක ශිල්පියාවයි.

 

මෙම ගීතය ප්‍රථම වරට ප්‍රචාරය කරනු ලැබුවේ යූත් ගුවන් විදුලිය මගින් 2011 දෙසැම්බර් 23 වෙනි දිනයි. මේ නිමිත්තෙන් එදින සජීවි ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකට ද සහභාගි වූ සශික විශාන් මහතා, ඔහු ලිවූ මේ ප්‍රථම ගීතයේ පසුබිම් කතාවේ සිටිනුයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා බවත්, උන්වහන්සේගේ දේශණයන්ට දීර්ඝ කාලයක් සවන් දීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ගීතය ලිවූ බවත්, ඒ ඔස්සේම ඉදිරියේදී තවත් ගීතයන් රචනා කරන බවත්, ඉන්පසු ඒ සියළු ගීත එක්කර සංයුක්ත තැටියක් නිෂ්පාදනය කරන බවත් පැවසීය.

 

තම දේශණයන්ට සවන් දී, ඒවායේ හරය සොයා ගොස් ගීතයක් රචනා කර, එය ගුවනට මුසු කිරීම ගැන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා 2011 දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවේදී පවත්වනු ලැබූ දේශණය අවසානයේ සශික විෂාන් මහතාට උන්වහන්සේගේ ප්‍රසාදය පල කරමින් තිළිණයක් ප්‍රධානය කල සේක.

 

අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා, ‛‛මරිය හඩ’’ වෙබ් අඩවියට ප්‍රකාශ කලේ, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා නත්තල් මැදියම් රැයේ ප්‍රධානය කල තිළිණයේ උන්වහන්සේගේ අත් අකුරින්ම උන්වහන්සේ කිසියම් සටහනක් ලියා ඇති බවයි. උන්වහන්සේ සිය අත් අකුරින්ම සටහන් කර ඇත්තේ කුමක්දැයි ඒ මහතා හෙළි කලේ නැත. ඒ මහතා වැඩි දුරටත් අපට ප්‍රකාශ කලේ මෙම ගීතයේ අර්ථය සෙවීමට සියළු කිතුණුවන් උත්සහ දරන්නේනම් එය ඔවුන්ගේ ජීවිතයන්ට මහත් ඵලදායක බවයි.

 

ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේම අත් අකුරින් ලිවූ සටහනක්, ගීතය ලිවූ සශික විශාන් මහතාගේ දෑතට හිමිවීම ඉතාමත් දුර්ලභ සිදුවීමකි.

 

ගීතයට සවන් දෙන්න

 

 

 

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා 2011 දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේදී, ගීත රචක අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතාට තිළිණය පිරිනමනු ලැබූ අවස්ථාව පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි