ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන්ගේ 62 වන ජන්ම දිනය යෙදී තිබුනේ 2019 වසරේ පෙබ්‍රවාරි 2 වෙනි දිනයටයි. ඒ වෙනුවෙන් උන්වහන්සේ පානදුර, ආලෝකා වැඩිහිටි නිවාසයේ නේවාසිකව ජීවත්වන මහළු මවුපියන් වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරි නමනු ලැබුවා.

 

දරු සෙනෙහසක් නොමැතිව හුදකලාව තම ජීවිතයේ සැඳෑ සමය ගත කරනු ලබන මේ අසරණ මහළු මවු පියන් ඉදිරියේ සිය 62 වන උපන් දින සැමරුම් කේක් එක කපා එයද ඔවුන්ට පිළිගැන්වූ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා වෙනුවෙන් මෙම වැඩිහිටි නිවාසයේ සියල්ලෝම ඔවුන්ගේ ශක්ති පමණින් ඔවුන්ගේ වාසස්ථානය සරසා සූදානම් කර තිබෙන අයුරු අපට දැකගන්නට ලැබුනා.

 

මෙම ආලෝකා වැඩිහිටි නිවාසය පිහිටා ඇත්තේ, පානදුර, ශ්‍රී සද්ධර්මාකර විහාරස්ථාන භූමියේයි. එම විහාරස්ථානයේ අධිපති අති පූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද මහා නායක මාහිමිපාණන්ගේ අනුශාසනාවන්ට අනුව මෙම වැඩිහිටි නිවාසය පාලනය කරනු ලබයි.

 

මහළු මවු පියන් අමතා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා අනුශාසනාවක් පවත්වනු ලැබූ අතර, නේවාසිකයන් මහත් අවධානයකින් යුතුව ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට සවන් දෙන අයුරු දැකගන්නට ලැබුනා. ඇතැම් වැඩිහිටියන්ගේ දෑසින් කඳුළු කඩා හැලෙන අයුරුද දැක ගන්නට ලැබුණා.

 

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන් ඉදිරියේ ගීත ගායනය කරනු ලැබූ මවක් ගයනු ලැබූ ගීතයක පද කීපයක් උපුටා දක්වමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ප්‍රකාශ කරනු ලැබුවේ, දන්නා තරමින් විහාරස්ථාන භූමියක පවත්වාගෙන යනු ලබන එකම වැඩිහිටි නිවාසය මෙය හැකි බවත්, මෙම වැඩිහිටි නිවාසයේ ජීවත්වන සියළු දෙනාම සැබවින්ම වාසනාවන්ත පිරිසක් ලෙසින් හඳුන්වා දීමට හැකි ප්‍රධානතම හේතුව, මෙම වැඩිහිටි නිවාසය විහාරස්ථාන භූමියක පවත්වාගෙන යාම බවත්, ඒ නිසාම මේ ජීවත් වන සියල්ලෝම බුදු රජාණන් වහන්සේගේ සෙවනෙහි සැනසීම ලබාගන්නා පිරිසක් ලෙසින් හඳුන්වා දිය හැකි බවත්ය. බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් සඳහා ජාති ආගම් භේද කිසිවක් නොමැති බව පැවසූ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා බෞද්ධ, ක්‍රිස්තියාණි, මුස්ලිම් සියල්ලන්ටම මෙම ස්ථානයෙන් කිසිදු වෙනසක් නොමැතිව දක්වන සැලකිල්ල ප්‍රශංසාවට ලක් කරනු ලැබුවා.

 

මෙතරම් මණහර පරිසරයක අලංකාරවත් ලෙස නිමවා ඇති විහාරස්ථාන භූමියක එක් පසක නිමවා ඇති වැඩිහිටි නිවාසය ගැන කල්පනා කරන විට, ප්‍රථමයෙන් මෙම භූමියේ විහාරස්ථානයක් ඉදිවුනේ කෙලෙසකින් දැයි අප කල්පනා කල යුතු බවත්, මෙම විහාරස්ථානය ඉඳිවුනේ, බුදු රජාණන් වහන්සේ නිසා බවත්, එවැනි තත්වයක් ඇති කරන්නට බුදු රජාණන් වහන්සේ බොහෝම දුක් වින්ද බවත්, ඒ දුක මෙහි සිටින්නන් කිසිවෙකුවත් විඳින්නට කැමති නොවන බවත්, සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා විඳි දුක කොතෙක් ද කියතොත්, උදරයට අත තැබූ විට කොඳු පෙදෙස ද, කොඳු පෙදෙසට අත තැබූ විට උදරය ද අසුවෙන ලෙසින් කුස ගින්නේ විඳි දුක් ප්‍රමාණය අවසානයේ සියල්ල අවබෝධ කරගෙන උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙසින් තැනුන මෙම විහාර භූමියේ මේ ඔබ ගෙවන ජීවිතය බුදු රජාණන්වහන්සේ වින්දා වූ අප්‍රමාණ දුක් වේදනාවන් නිසාම ඔබ ලද සැනසීමක් බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා ප්‍රකාශ කරනු ලැබුවා.

 

බුදු රජාණන් වහන්සේ පිළිබඳව විස්තර කරන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන් දෙස පුදුමයෙන් බලා සිටින මහළු දෙමාපියන් දෙස ආදරයෙන් නෙත් යොමු කල උන්වහන්සේ, ‛‛බුදු රජාණන් වහන්සේ ගැන මම දන්න විදිහට තමයි කිව්වෙ, ඒ තරම් දුකක් විඳපු බුදු රජාණන් වහන්සේගේ දුක් විඳීමේ සැනසීම තමයි, මේ අම්මලා තාත්තලා විඳින්නේ, මම හරි නේද?’’ යයි ඇසුවේ දයාබර පියෙකුටත් වඩා ඔවුන් සියල්ලන්ගේ ම දරුවෙක් ලෙසටයි. සියල්ලෝම හිස වනා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ වදන් අනුමත කරන අයුරු ද අපට දකින්නට ලැබුණා.

 

සිය 62 වන ජන්ම දිනය සමරා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා පානදුර ආලෝකා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින මහළු මවු පියන් වෙත දිවා භෝජනය සංග්‍රහය පිරිනැමීමට පෙර ඔවුන්ගේ ගීත ගායනයන්ට සවන් දුන් අයුරුයි මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකිවනුයේ

 

His Holiness Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso

 

His Holiness Rohan Lalith Aponso