ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට පත්කරනු ලැබූ සියළු අපොස්තුළුතුමන්ලාගේ ප්‍රධාන වගකීම වන්නේ උන්වහන්සේ දෙසූ ධර්මය ලොවට දේශනා කරමින් ස්වර්ගය වෙතට යා යුතු මාර්ගය මෙය යයි පෙන්වා දීමයි.

 

‛‛මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද කල්පාන්තය දක්වා සදහටම ඔබ හා සමග සිටිමි’’ යි ජේසුස් ස්වාමින් වහන්සේ වදාළ බව, ශුද්ධවූ මතෙව් තුමා තම සුවිශේෂයේ 28 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම සඳහන් කර ඇත.

 

මේ නිසාම, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණ වී පත්කරනු ලැබූ ලොව පළමුවන අපොස්තුළුතුමා වන, ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමා, කොරින්ති වරුන් වෙත ලියනු ලැබූ පළමුවන සංදේශයේ, නව වන පරිච්ඡේදයේ ‛‛ සුභ අස්න දේශනා නොකළොත් මම මහා කාලකනණ්නියෙක් වෙමි’’ යි ලියා ඇත.

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී පත්කරනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමා වන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, 2018 පෙබ්‍රවාරි 13 වෙනි දින, සිය ධර්මෝපදේශ දේශණයේ දී මෙලෙස ප්‍රකාශ කරනු ලැබූ සේක. ‛‛අපොස්තුළු තුමෙක් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය ලෝකයට දේශනා නොකළොත් ඔහු ජුදාස්ටත් වඩා අන්ත සාප ලද්දෙක් බවට පත්වෙනවා වෙනවාමයි. ඔහු කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දහම පාවා දීමක්. ජුදාස් ක්‍රිස්තුස් වහන්සේව පාවා දීමෙන්, මේ මුළු දහම පාවලා දුන්නා. අපොස්තුළු තුමෙක් ධර්මය දේශනා කිරීමට මුල් තැන, පළවෙනි තැන දුන්නේ නැත්තම්, ඇත්තටම ඒ අපොස්තුළු තුමා ජුදාස්ටත් වඩා අන්ත සාප ලද්දෙක් බවට පත්වෙනවා වෙනවාමයි.’’

 

මේ අනුව අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, මෙලොවට පැමිණි හේතුව පණගන්වමින්, ජේසුස් ස්වාමින් වහන්සේ, උන්වහන්සේ වෙත පවරනු ලැබූ මූලික වගකීම ඉටුකරමින් කරනු ලබන මීළඟ දහම් දෙසුම හෙවත් ‛ධර්මෝපදේශ’ දේශණය, නොවැම්බර් 20 වෙනි අඟහරුවාදා සවස 6 ට මෙම සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පැවැත්වෙනු ඇත.

 

මෙම දේශණය ශ්‍රවණය කිරීමට ඔබ කැමතිනම් පමණක්, සවස 5.30 වන විට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සිටින්න.

 

මෙම දිනය රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් සහ වෙළඳ නිවාඩු දිනයක් ද වේ.