ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මෑණියන් ස්වර්ගස්ථ වී වසර දහයක් සපිරේ

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ මෑණියන් වූ මාග්‍රට් අපොන්සු මැතිණිය ස්වර්ගස්ථ වී 2020 ජූනි 26 වෙනි දිනයට වසර දහයක් සම්පූර්ණ වේ.   අනූ වසරක් මෙලොව ජීවත් වූ එතුමිය මින් වසර දහයකට පෙර කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අවසන් හුස්ම හෙලූ අතර, එතුමිය ජීවත්ව සිටිය දී අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා සමග ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ බාල…

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වන්දනාකරුවන් සදහා විවෘතයි – ලබන සෙනසුරාදා සවස 5 සිට අසිරිමත් දෙව් මවු ප්‍රතිමාව අභියසට පැමිණිය හැකියි

මාස තුනක පමණ කාලයක් වන්දනාකරුවන් සදහා වසා තැබුන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ජූනි 20 වෙනි පසුගිය සෙනසුරාදා සවස නැවතත් විවෘත විය.   සෞඛ්‍ය නීතීන්ට අනුව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුල රැස්වී සිටීම සදහා බැතිමතුන්ට සියළු පහසුකම් සලසා දීමට සිද්ධස්ථාන පාලක මණ්ඩලය ද අපොස්තලික ආරක්ෂක සේවය ද කටයුතු කර තිබුනි….

සොබා දහම විසින් දැන් පෘතුවියේ කාටත් උගන්වන ධර්මය අපට මතක් කර දුන් ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික ගුරුතුමා

අපි මේ ගෙවන්නා වූ දින කිහිපය අපට පමණක් නොව මුළු මහත් ලෝක ජනතාවටම ඉතාමත් තීරණාත්මක කාලයක් බවට පත්වෙලා. කිසිවෙකු නොසිතූ අන්දමින් ලොව පුරා පැතිරීයමින් පවතින මේ කොවිඩ් නයින්ටීන් නැමැති බිහිසුණු දරුණු වසංගතය මුළු ලොව සියළු ජනතාව භීතියට පත් කරවලා ඉවරයි. ඒ නිසාම දෙවියන් කෙරෙහි විශ්වාසය ඇත්තෝ නිරන්තරයෙන් දෙවියන් සිහි කරමින් සිටින බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ….