අද මෙම පෘතුවිය මත වැඩ සිටින එකම අපොස්තුළුතුමන් ඉදිරියේ සිට උන්වහන්සේ වෙතින් ලබා ගන්නා ආශිර්වාදය දෙවෙනි වන්නේ සර්ව බලැති දෙවි මහෝත්තමයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදයට පමණකි. ඒ සර්ව බලැති දෙවි මහෝත්තමයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පෘතුවිය මත වැඩ සිටි කාලයක් තිබුණි. ඒ කාලය තුල ජීවත් වූ මිනිසුන් ද සිටියෝය. එහෙත් ඒ මිනිසුන් වැඩි පිරිසක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට තරම් පිං ඇත්තෝ නොවූහ. උන්වහන්සේට නින්දා අවමන් කර මේ පෘතුවියෙන් නැත්තටම නැතිකර දැමීමට තරම් සිත් ඇති පවුකාරයෝම වූහ.
අන්න ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේම මේ ලෝකයට දෙවෙනි වරටත් දර්ශණය වී පත්කරනු ලැබූ අපොස්තුළු තුමාණන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අද මේ පෘතුවිය මත ජීවමානව සිටින එකම එක අපොස්තුළුතුමා වන්නාහ. උන්වහන්සේගේ ආශිර්වාදය ලැබීමට ඇත්තෙන්ම පිනක්ම තිබිය යුතුය. එවන් පින් ඇත්තෝ උන්වහන්සේගේ ආශිර්වාදය ලැබීමට, උන්වහන්සේ ජීවමානව වැඩ සිටින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණෙති.
එවන් පිරිසක් 2016 සැප්තැම්බර් 17 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේ දී අපට දැක ගැනීමට ලැබුනේ, එදින අඩි නවයක් උසැති, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ එළිමහන් කුරුස ප්‍රතිමාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ සුරතින් ආසිරි ගැන්වීමේ සන්ධ්‍යා දේව මෙහෙය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේ දී පැවැත්වුන නිසයි.
කුරුස ප්‍රතිමාව ආසිරි ගැන්වීමේ සන්ධ්‍යා මෙහෙය අවසානයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා රැස්ව සිටි ජනතාවට සිය අපොස්තලික ආශිර්වාදය දානය කරනු ලැබූ අවස්ථාව මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි.

