ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ මව වූ මාග්‍රට් අපොන්සු මැතිණිය වර්ෂ 2010 ජූනි මස 26 වෙනි දින ස්වර්ගස්ථ වූ අතර, 2016 ජූනි මස 26 වෙනි දිනයට වසර සයක් සම්පූර්ණ විය.

 

2016 ජූනි 25 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේදී එතුමියගේ පුතණුවන් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන් විසින් පවත්වනු ලැබූ දේව මෙහෙයේ දී උන්වහන්සේ ස්වර්ගස්ථ සිය මෑණියන් විශේෂාකාරයෙන් සිහිපත් කිරීමට ද අමතක නොකලහ.

 

දේව මෙහෙය පැවති පීඨිකාවේ ඉහළින්ම ස්වර්ගස්ථ මාග්‍රට් අපොන්සු මැතිණියගේ ඡායාරූපයක් සවිකර තිබුණි.

 

වර්ෂ 2010 ජූනි 26 වෙනි දින ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මෑණියන් වූ මාග්‍රට් අපොන්සු මැතිණිය ස්වර්ගස්ථ වන විට 90 හැවිරිදි වියේ පසු විය. දේහය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැරණි දර්ශණ දෙව්මැඳුරේ තැන්පත් කර තැබූ අතර, ඉන් දින තුනකට පසු, ජූනි 29 වෙනි දින සවස ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අවමඟුල් දේව මෙහෙයෙන් පසුව, කටුනායක සුසාන භූමියෙහි දේහය මිහිදන් කරන ලදී.

 

ස්වර්ගස්ථ සිය මෑණියන් සැබවින්ම ස්වර්ග රාජ්‍යය ලබාගෙන ඇති බව ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට දැනගන්නට ලැබී ඇති අතර, කීප දෙනෙකුටම ප්‍රාතිහාර්‍යන් කීපයක්ම සිදු විය.

 

පසුව සිය මෑණියන්ගේ දේහය කටුනායක සුසාන භූමියෙන් ඉවත් කර, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි තැන්පත් කිරීමට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා අධිකරණයේ අනුමැතිය ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, මෙවැන්නක් සඳහා අධිකරණයේ අනුමැතිය ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට ලබා දෙන ලදී.

 

මහ පොළවේ පස් යට තිබූ මෙම මවු තුමියගේ දේහය මාස තුනකට පසුව සැප්තැම්බර් 23 වෙනි දින යළිත් ගොඩ ගන්නා ලදී. පුදුමයකි, දැකගන්නට ලැබුනේ, මාස තුනක් ගතවීත්, කිසිදු නරක් වීමකින් තොරව පවතින, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මවගේ දේහයයි. මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ දුර්ලභ සහ ප්‍රථම සිදුවීම ලෙස රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ ප්‍රමුඛ සිරස්තල යටතේ ද පෙන්වන ලදී.

 

සුරලොව සැපත් මෙම මවු තුමියගේ නොදිරූ, කිසිදු නරක්වීමකින් තොර මෘත දේහය, දැන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු පාවුළු අපොස්තුළු උයනේ, අපොස්තලික සොහොන් ගැබ තුල තැන්පත් කර ඇත.

 

මෙම සිද්ධිය ඇසින් දුටුවන්ගේ සාක්ෂි අලලා, අපොස්තලික ප්‍රකාශණ කාර්‍යාංශය මගින්, ‛‛යලි ගොඩගත් මවගේ නොදිරූ දේහය’’ යනුවෙන් පොතක්, අසිරිමත් සිද්ධියේ වර්ණ ඡායාරූප ද සමග නිකුත් කර ඇත.

 

සිය මෑණියන් වූ මාග්‍රට් අපොන්සු මැතිණිය ස්වර්ගානන්දය කරා සම්ප්‍රාප්ත වීමේ සිද්ධිය ඉතාමත් සවිස්තරව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා 2016 ජූනි 25 වෙනි දින සවස දේව මෙහෙයේ දේශණයේ දී ප්‍රකාශ කල සේක.

 

2016 ජූනි 25 වෙනි දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති දේව මෙහෙයේ මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ දේව මෙහෙය පවත්වනු ලැබූ පීඨිකාව ඉහළින් සවිකර තිබූ ස්වර්ගස්ථ මාග්‍රට් අපොන්සු මැතිණියගේ ඡායාරූපයයි

 

sn183_01

 

sn183_02

 

sn183_03

 

sn183_04

 

sn183_05

 

sn183_06

 

sn183_07

 

sn183_08

 

sn183_09

 

sn183_10

 

sn183_11

 

sn183_12

 

sn183_13