සර්ව දයාබර වූ ජේසුස් ස්වාමින් වහන්සේගේ කල්වාරි ගමනට සහය වෙමින් උන්වහන්සේගේ කුරුසියේ බරට සහයක් වූ සිරේනියේ සීමොන් නමැති මනුෂ්‍යයා අද ස්වර්ග රාජ්‍යයේ සදාතනික සැපතට උරුමකම් කියන්නට සුදුසු වූයේ ඇයි?

 

කුරුසියට කර දීමෙන් ජේසුස් ස්වාමින් වහන්සේගේ වේදනාවට යම් තරමකින් සහනයක් වීම නිසා සීමොන් ස්වර්ග රාජ්‍යයට සැපත් වූ බව කියනා ක්‍රිස්තියාණින් ද සිටිත්.

 

කෙසේ වෙතත් සීමොන්ට ස්වර්ගීය සදාතන ජීවනය හිමි වූයේ ඇයි දැ යි පැහැදිලි කරමින් ඔහුගේ ජීවිතයේ මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් හෙළි කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් 2016 සැප්තැම්බර් 17 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අඩි නවයක් උසැති කුරුස ප්‍රතිමාව ආශිර්වාද ගැන්වීමේ සන්ධ්‍යා මෙහෙය අවස්ථාවේ දී කරනු ලැබූ දේශණය ඇතුලත් DVD තැටිය, ‛‛සීමොන් සුර පුරට’’ යන නමින් ලබන සෙනසුරාදා (මාර්තු 10) නිකුත් වනු ඇත.

 

ලබන සෙනසුරාදා සවස නව හාස්කම් යාච්ඤාව අවසානයේ මෙම DVD තැටි ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන්ගේ ම හස්තයන්ගෙන් ලබා ගැනීමට ඔබ කැමති නම් ඔබට අවශ්‍ය DVD තැටි ලබන සෙනසුරාදා සවස 5.30 ට පෙර සිද්ධස්ථාන කාර්යාලයෙන් ඉල්ලුම් කරන්න. DVD තැටියක මිළ රුපියල් පන්සියයක් පමණි.