අපොස්තලික පිය පොදු හමුව 2013 අගෝස්තු 31 වෙනි දින පැවැත්වූයේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුලයි. එදින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා, උන්වහන්සේ වෙත පැමිණි ජනතාවට සුපුරුදු ලෙසින්ම සිනහ මුසු මුහුණින් යුතුව ආශිර්වාද කල සේක. ඔවුන් අත තිබූ විවිධ ආගමීක භාණ්ඩ ආශිර්වාද කල සේක.
මේ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා කිසිදු භේදයකින් තොරව ජනතාවට සිය අපොස්තලික ආශිර්වාදය දානය කරන සේක. උන්වහන්සේ කිසිදු ආගම් භේදයකින්ද තොරවම, උන්වහන්සේ වෙත පැමිණෙන ජනතාවට ආශිර්වාද කරන සේක. විවිධ ආගම් අදහන්නන් ද උන්වහන්සේ ඉදිරියේ දණින් වැටෙන්නේ ලොව සියළු ජනතාවට පොදු පියෙකු ඉදිරියේ දණින් වැටෙන සෙනෙහසකිනි.






























