කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමිය මේ වන විට සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇත. නිර්මල කන්‍ය මරිය තුමියගේම ඉල්ලීම මත ඉදිවූ ‛‛දර්ශණ දෙව්මැඳුර’’ ඉදිකර ඇත්තේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ හෙවත් දර්ශණ භූමියේ වන අතර, මරිය තුමියගේ ඉල්ලීම මත ඉදිවූ ලොව පස්වන දෙව්මැඳුර වේ. මේ වන විට නිර්මල මරිය මාතාවෝ විසිතුන් වාරයක් මෙහි දර්ශණය වී ඇත.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමිය හෙවත් දර්ශණ භූමිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීමෙන් පසුව එය නිල වශයෙන් විවෘත කරනු ලැබුවේ 2016 නොවැම්බර් 26 වෙනි සෙනසුරාදා සවස සිද්ධස්ථාන භූමියේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ ‛‛මරිය ගී හඩ’’ ගීත සරණියත් සමගයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ ගී නාදයන්ට මුසුවී ගායක ගායිකාවන්ගේ මියුරු හඬින් රස ගැන්වුන මේ ‛‛මරිය ගී හඩ’’ ගීත සරණිය අවසානයේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමිය නිල වශයෙන් විවර කිරීම සංකේතවත් කරමින්, නිර්මල කන්‍ය මරිය මෑණියන්ගේ ප්‍රතිමාව සිද්ධස්ථාන භූමියේ ඉදිරිපස තැන්පත් කරනු ලැබූ අතර, එම ප්‍රතිමාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ශුද්ධවු සුරතින් ආසිරි ගන්වනු ලැබූ සේක. මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායම කටුනායක අප ස්වාමිදූගේ දර්ශණ භූමියේ සිට ‛‛ආවේ මාරිස්තෙල්ලා’’ නැමැති ගීතිකාව වාදනය කරන ලදී.
නිර්මල කන්‍ය මරිය තුමිය 1977 ජූලි 27 වෙනි දින සිය වම් හස්තයේ ජේසු බිළිඳු දරාගෙන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වූ අයුරු විදහාපාන ලෙසින් නිමවා තිබූ දෙව් මවු ප්‍රතිමාව දර්ශණ දෙව්මැඳුරේ සිට සිද්ධස්ථාන භූමියේ ඉදිරි පස, ප්‍රධාන මහා මාර්ගය අසල අභිනවයෙන් ඉදි කරනු ලැබූ මණ්ඩපය තුල තැන්පත් කරනු ලැබීමත්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් ප්‍රතිමාව ආසිරි ගන්වනු ලැබීමත් සහ ඒ අතරේ විසිතුරු මල් වෙඩි ගුවනට ඇදී යන අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි




























