ලෝකයේ විවිධ ප්‍රදේශයන්හි, විවිධ වකවානුවල දර්ශනය වී මහත් පෙළහර පෑ කන්‍ය මරිය තුමිය ශ්‍රී ලංකාවේ දර්ශණයවීමටද පටන් ගත් අතර, 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින එතුමිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී දර්ශණය වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන්ටයි. එතෙක් මෙතෙක් කාලයක් ගෙවී ගිය අවුරුදු හතලිස් පහක් තුල, විසි තුන් වතාවක් ම එතුමිය දර්ශණය වූවා.

 

නිර්මල කන්‍ය මරිය තුමිය ශ්‍රී ලංකාවේ කටුනායකදී දර්ශනය වීමට ආරම්භ කල දිනයේ සිට මේ දක්වාම ඒ පිළිබඳව පැතිරීගිය, සහ තවමත් පැතිරෙන විවිධ විවේචනද, බොරු කටකතාද නිමක් නොමැතියි. එහෙත් ශ්‍රී ලංකාවේ කටුනායක නගරයේ පිහිටි, දෙව් මවුන්ගේ දර්ශණ භූමිය අදටත් ජීවමානව වැජඹෙයි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණෙන සැමගේ තරාතිරම මත නොව, විශ්වාසයේ තරාතිරම පමණක් බලා මහත් පෙලහර දක්වමින් කන්‍ය මරිය මාතාවෝ මෙම සිද්ධස්ථානයෙහි විරාජමානව වැජඹෙන්නාහ. ඒ මහත් පෙලහර තව නොබෝ දිනකින් සතලිස්පස් වන වර්ෂයද සපුරාලනු ලබනවා. ඒ අතර කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී එන ජනතාව මවු මරියාවන්ගෙන් බොහෝ වූ වරප්‍රසාද ලබාගනිමින් සිටින බව ද සතුටින් සදහන් කිරීමට කැමතියි. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමෝ කිසිදු හේදයක් නොතකා, කෙටියෙන් පවසතොත් ආගම් භේදයක්වත් නොසලකා සැම දෙන වෙත මෙත් සිතින් යුතුව, මවු මරියාවන් වෙතින් පිහිට ඉල්ලා දීම සඳහා මධ්‍යස්ථ වෙමින් වැඩ සිටින්නේ ද මෙම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේයි.

 

මේ වන විට විසිතුන් වාරයක් නිර්මල මරිය මාතාවන්ව තම දෑසින් ම දැක බලා ගැනීමේ සුවිශේෂී වාසනාව ලද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, තම දෑසට ම දැකගත් මරිය මාතාවන් පිළිබදව, බොහෝ විට, බොහෝ අවස්ථාවල, ප්‍රසිද්ධියේ ම පවසා තිබෙනවා.

 

2019 ජූලි 28 වෙනි දින සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා, නිර්මල කන්‍ය මරිය මාතාවෝ ජේසු බිළිදුන් ද අතේ දරාගෙන, උන්වහන්සේ ඉදිරියේ දර්ශණය වූ ආකාරය විස්තර කරනු ලැබුවා. නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වූ විසිතුන් වාරයෙන්, එක් වතාවක දී පමණක් එතුමිය දර්ශණය වූයේ ජේසු බිළිදුන් ද අතේ ඇතිවයි. එය මරිය තුමියගේ විශිෂ්ඨතම දර්ශණයක් ලෙසින් සළකණු ලබනවා.

 

1977 ජූලි 27 වෙනි දින සිදුවූ මෙම විෂිශ්ඨතම දර්ශණය පිළිබදව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා පැවසූ වදන් තුලින් උන්වහන්සේ එදා නිර්මල කන්‍ය මරිය මාතාවන්ව, ජේසු බිළිදුන් ද සමගින් දැකගත් ආකාරය පිළිබදව, අවුරුදු හතලිස් දෙකකට පසුව තම මතකය අවදි කරවමින් පවසනු ලැබූ ඉතා ශ්‍රෙෂ්ඨතම වදන් සමූහයක් ලෙසින් සලකනු ලැබිය හැකි අතර, උන්වහන්සේගේ එම වදන්, උන්වහන්සේගේ වචනයන්ගෙන් ම ඔබට දක්වන්නට කැමතියි.

 

‛‛මේ වන විට නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් මා ඉදිරියේ දර්ශණය වී තිබෙනවා. 1977 ජූලි 27 වෙනි දා එතුමිය මා ඉදිරියේ දර්ශණය වුනේ ජේසු බිළිදුන් ද අත ඇතිවයි. අනික් සියළු දර්ශණ සිදුවුනේ එතුමිය තනිවයි. කහ පැහැති රෝසමල් මත, හිසේ සිට පාදයන් හි විළුඹ දක්වා දිග හිම මෙන් බබලන සුදු පැහැති වේල් එකක් පැළඳ ගෙන, එවැනිම හිම මෙන් සුදු පැහැයෙන් යුතු ලෝගුවක් පැළදගෙන, පැහැයෙන් අහසේ නිල් පැහැයෙන් යුතු, නමුත් හිම මෙන් බබලන නිල් පැහැති බඳ පටියක් පලඳා, දකුණු අතේ වැලමිට හරියෙන් රත්තරන් පාට බැබලෙන ජපමාලයක් දරාගෙන තමයි එතුමිය මා ඉදිරියේ පෙනී සිටින්නේ. නමුත් 1977 ජූලි 27 වෙනි දිනත් එතුමිය මා ඉදිරියේ එලෙස පෙනී සිටියත්, මේ වනතුරු එදින පමණක් විශේෂත්වයක් තිබුණා. එතුමියගේ වම් හස්තයේ කුඩා ජේසු බිළිදාණන් සිටියා.’’

 

මෙවැනි දේ කියවන / මෙවැනි දේ අසන ඔබට මේ මොන පුදුමයක්ද, මේ කතා විශ්වාස කල හැකිද යන ගැටළු ඇති විය හැකියි. ඒවා සාධාරණ ප්‍රශ්ණ වූවද, අපට දිය හැකි හොඳම පැහැදිලි පිළිතුර වනුයේ ‛‛ඔබම ඇවිත් බලන්න’’ යන්නයි.

 

නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පිහිටුවා ඇති ‛‛දර්ශණ දෙව්මැදුර’’ විවෘත කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා දර්ශණ දෙව්මැදුර තුලට ඇතුළු වූ අන්දමයි මෙහි ඡායාරූප මගින් ඔබට දකින්නට ලැබෙන්නේ