මේ වන විට විසිතුන් වතාවක් නිර්මල කන්‍ය මරිය මාතාවෝ දර්ශණය වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී එතුමිය දස සය වන වරට දර්ශණය වූ අවස්ථාවේ දී, අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් අමතා මෙලෙස ඉල්ලීමක් කල සේක. ‛‛මා ආදර දරුව, මෙම ස්ථානයෙහි මා නමට කුඩා දෙව්මැඳුරක් ඉදිකරන්න. එය මගේ උතුම් ආශාවකි. එවිට මෙම දේව මෙහෙයන්ට සහභාගි වන අයට තවත් බහුල වරප්‍රසාද දානය කිරීමට පොරොන්දු වෙමි’’

 

නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ මේ දයාබර ඉල්ලීම සැලකිල්ලට ගනු ලැබූ අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමා එතුමියගේ ඒ උතුම් ආශාව ඉටු කරමින් ඉදිකරනු ලැබූ අභිනව දර්ශණ දෙව් මැදුර 2018 අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස නිර්මල කන්‍ය මරිය මාතාවන් වෙත පූද කරනු ලැබූ සේක.

 

එදා සිට සෙනසුරාදාවන් පහක් ‛විශේෂ වරප්‍රසාද දායක දිනයන්’ ලෙස අප නිර්මල මරිය මෑණියන් වෙතින් ලැබී ඇති අතර, එහි තුන්වන දිනය වන ලබන අගෝස්තු 25 වෙනි සෙනසුරාදා සවස 6 සිට දර්ශණ දෙව් මැදුර තුලට ඇතුළු වීමටත්, දර්ශණ දේව මන්දීරය තුල විටින් විට ජීවමාන වන්නාවූ නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ප්‍රතිමාව පාමුල තබා ඇති රතු පෙට්ටියට තම ඉල්ලීම් ලිවූ ලිපි දැමීමටත් පොදු මහ ජනතාවට අවස්ථාව හිමිවනු ඇත.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සැදැහැවතුන් අත ඇති දර්ශණ ඉටිපහන් ආශිර්වාද කිරීම සවස 5.45 ට ආරම්භ කරනු ඇත.

 

අභිනව දර්ශණ දේව මන්දීරය තුල නිර්මල කන්‍ය මරිය මාතාවෝ දර්ශණය වූ ස්ථානයේ ස්ථාපිත කර ඇති නිර්මල කන්‍ය මරිය මෑණියන්ගේ මෙම ප්‍රතිමාව මෙම දිනවල ජීවමාන වෙමින් සැදැහැවතුන්ට විවිධ සංඥාවන් දැක ගැනීමට අවස්ථාව ලැබෙන අතර, දර්ශණ දේව මන්දීරය තුලට ඇතුළු වීම සදහා ඔබට අවස්ථාව ලැබෙන මීළග දවස අගෝස්තු 25 වෙනි ලබන සෙනසුරාදා සවස 6 ට ආරම්භ වේ.