දිනය 2017 ජනවාරි 17 වෙනි අඟහරුවාදා. වේලාව රාත්‍රී 11.30 යි.
ඊයේ ජනවාරි 17 වෙනි අඟහරුවාදා රාත්‍රී 11.30 ට පමණ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා කිසියම් ගමනක් ගොස්, උන්වහන්සේ රැගත් මෝටර් රථය, කොළඹ 7, විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට පාරෙන් කටුනායක බලා ගමන් ගනිමින් තිබුනි.
හදිසියේම මෝටර් රථය නතර කරන ලෙස පැවසූ, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, මෝටර් රථයෙන් බැස ගමන් කලේ, විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට ඇති ෆාමසියක් අසල, පදික වේදිකාවේ, රොද පුටුවකට වී අසරණව පාර දෙස බලා සිටින යාචකයකු වෙතයි.
මෙතරම් රාත්‍රි වන තුරු සිටින්නේ ඇයි දැයි යාචකයාගෙන් විමසූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, ඔහුගේ සියළු තොරතුරු විමසන්නට විය. කුඩා කාලයේ පෝලියෝ රෝගය සෑදී, එතැන් සිට එක්තැන් වීමෙන්, දැන් රෝද පුටුවක ජීවත් වන බව පැවසූ යාචකයා, වෛද්‍යවරයෙක් නියම කර ඇති බෙහෙත් තුන්ඩුවක් පෙන්වා මුදල් නැති නිසා, බෙහෙත් ගැනීමට නොහැකිව සිටින බව ද පැවසීය.
සියළු තොරතුරු දැනගත් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, ඒ වන විටත් විවෘතව තිබූ අසල ෆාමසියෙන් මිල දී ගෙන, මාසයකට සෑහෙන බෙහෙත් මේ යාචකයාට පරිත්‍යාග කරනු ලැබූ අතර, මුදලින් ද පරිත්‍යාගයක් කරනු ලැබීය.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් සමග ගමන් ගන්නා නිලධාරීන්ට උන්වහන්සේගේ මෙවැනි ක්‍රියාවන් දැක ගන්නට ඕනෑතරම් අවස්ථා උදා වී ඇත. එහෙත් මේ පිළිබඳව මෙසේ සටහන් කරනු ලැබුවේ, අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා මෙම අවස්ථාව සිය ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කල නිසාය. ක්‍රිස්තුස් වහන්සේ වදාල ධර්මය මේ යයි ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ක්‍රියාවෙන් ද පෙන්නුම් කිරීමක් නොවේද මේ.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2017 ජනවාරි 17 වෙනි අඟහරුවාදා, මහ රෑ අසරණ යාචකයකු වෙත ගොස් පිහිට වූ ආකාරය, අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතාගේ ජංගම දුරකතනයේ සටහන් වූ ඡායාරූප ස්වල්පයක් පහත දැක්වේ. මෙහි ඡායාරූපවල ශුද්ධෝත්තම අපොස්තුළුතුමා අසල සිටින්නේ අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතායි