අප දයාබරිත නිර්මල කන්‍ය මරිය මාතාවෝ වර්ෂ 1977 ජූලි 27 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, පැරණි දර්ශණ දෙව්මැඳුරේදී දසඅට වන වරට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ට දර්ශණය වූහ. එම අවස්ථාවේ නිර්මල කන්‍ය මරිය තුමී, ඇයගේ වම් හස්තයේ කුඩා දිව්‍ය බිළිඳාණන් වඩවාගෙන සිටි අතර, නිර්මල කන්‍ය මරියාවන්, දිව්‍ය බිළිඳාණන් වඩවා ගෙන ශුද්ධෝත්තම අපෝස්තලික පියතුමාණන් ඉදිරියේ වැඩසිටි ආකාරය දැක්වෙන, නිර්මල කන්‍ය මරිය තුමියගේ ශ්‍රී ලංකා දර්ශණයේ, 18 වන අවස්ථාව විදහා දැක්වෙන ප්‍රතිමාව මෙවර නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව අවස්ථාවේදී, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන්ගේ සුරතින් නිරාවරණය කර ආසිරි ගන්වනු ඇත.
සර්වබලධාරී දෙව් මහෝත්තමයාණන් මිනිස් වෙසින් අප අතරට වැඩම කිරීමේ රාත්‍රිය වූ, ජේසු උපන් රැයේදී මේ මහා පූජනීය කර්තව්‍යයට අප අත තබන්නේ, උන්වහන්සේගේ මෑණියන් වූ, කන්‍ය මරියෝත්තමාවන් ද, දිව්‍ය බිළිඳාණන් සිය දෝතට මුල් වරට වඩවා ගනු ලැබුවේ, මෙවැනිම වූ රාත්‍රියක බැවිනුයි.
ජේසු උපන් රෑ, මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජා මෙහෙයේදී ආසිරි ගැන්වෙන, කටුනායක අප ස්වාමිදූගේ 18 වන දර්ශණයේ ප්‍රතිමාව, අභිනව දර්ශණ දේවමන්දීරයේ ප්‍රධාන ප්‍රතිමාව ලෙස, ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත කෙරෙන අතර අගනා නිල් මැණික් 53 ක් සහිත රත්තරන් ඔටුන්නක් ප්‍රතිමාවේ සිරසට පැළඳවීමට ද නියමිතයි.
නිර්මල කන්‍ය මරිය තුමියගේ ශ්‍රී ලංකා ආගමනයේ, 18 වන දර්ශණ ප්‍රතිමාව ආසිරි ගැන්වීමේ පිළිවෙත අරබයා, දින දෙකක් පුරා පිළිවෙත් පැවැත්වේ. එම දින වන්නේ, දෙසැම්බර් 24 වෙනිදා නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව සහ දෙසැම්බර් 31 වෙනිදා මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන 2016 නව අවුරුද්දට ආසිරි පැතීමේ දිව්‍ය පූජාවයි.
ඔබගේ කැමැත්ත අනුව සහ ඔබට පිනක් ද ඇත්නම් මෙම දින දෙකේදී ම පැවැත්වෙන මෙම අසිරිමත් දේව මෙහෙයන්ට සහභාගි වීමට ඔබට අවස්ථාව ලබාගත හැකිවනු ඇත.
ඉහත ඡායාරූපයෙන් ඔබට දැකගත හැකි වන්නේ, දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන්ගේ සුරතින් ආශිර්වාද ගැන්වීමට නියමිත, මරිය තුමී ජේසු බිළිඳුන්ව සිය වම් හස්තයෙන් දරාගෙන 1977 ජූලි 27 වෙනි දින ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට දර්ශණය වූ ආකාරය පිළිඹිබු කෙරෙන ප්‍රතිමාවයි. (මෙම ප්‍රතිමාව ඔබට පැහැදිලිව දැකගත හැකිවන්නේ දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවේ දී ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් විසින් ආසිරි ගැන්වීමෙන් පසුවයි. එමනිසා ඡායාරූපය මඳක් බොඳකර ඇති බව කරුණාවෙන් සලකන්න.)