මීගමුවේ නිල්නුවන් බණ්ඩාර මහතා සහ එම මහත්මියගේ වැඩිමහල් පුත් රශේන් සුපේශ්ල බණ්ඩාර පුතුගේ උපන් දිනය යෙදී තිබුනේ පසුගිය පෙබ්‍රවාරි 8 වෙනි දිනටය.

 

මීගමුව ගේට් වේ ජත්‍යාන්තර පාසැලේ අධ්‍යාපනය ලබන රශේන් සිය උපන් දිනය වෙනුවෙන් වෙනත් වසරවල දී මෙන් සිය දෙමාපියන්ගෙන් තමන්ට යමක් මෙවර ඉල්ලා සිටියේ නැත. ඒ වෙනුවට ඔහු ඉල්ලා සිටියේ පානදුර, පිංවත්තේ, ආලෝකා වැඩිහිටි නිවාසයේ ජීවත්වන වයෝවෘද්ධ දෙමාපියන්ට කෑම වේලක් පිරි නැමීමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි.

 

රශේන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ පූජා සහයකයෙක් ලෙසින් ද සේවය කරන අතර, රශේන් ට ප්‍රසාද ස්නාපනය දානය කර ඇත්තේ ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් විසිනි.

 

උපතේ සිටම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සමග සම්බන්ධ වෙමින් සහ ශුද්ධෝත්තම අපොස්තලික පියාණන්ගේ ධර්මදේශනාවන්ට සවන් දෙමින් තම දිවියට සුවිශාල අධ්‍යාත්මික පන්නරයක් ලබා ගනිමින් සිටින රශේන්, පසුගිය දා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ උපන් දින සංවත්සරය වෙනුවෙන් උන්වහන්සේ ද මෙම ආලෝකා වැඩිහිටි නිවාසයේ වයෝවෘද්ධ මවු පියන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරි නමන අයුරු බලාගෙන සිටි අතර, එයම අනුගමනය කරමින් තම උපන් දිනය දා එම වයෝවෘද්ධ මවුපියන්ටම උදේ සවස භෝජන සංග්‍රහයක් පිරිනමා ඔවුන්ව සතුටු කිරීම තමා ලබන හොදම උපන් දින ත්‍යාගය බවට පත්කර ගැනීම සත්තකින්ම පැසසුම් දායකය.

 

දේශණයෙන් පමණක් නොව ආදර්ශයෙන් ද නිවැරදි මාර්ගය පෙන්වා දෙනු ලබන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සියල්ලන්ටම පහණක් වන අතර එම පහනේ ආලෝකය ලබා තවත් අසරණ වූවන්ගේ ජීවිත ආලෝකමත් කරනු ලබන රශේන් සුපේශ්ල බණ්ඩාර පුතුට අප ශුද්ධෝත්තම අපොස්තලික පියාණන්ගේ ආශිර්වාදය බහුලව ලැබේවා යි අපොස්තලික මාධ්‍ය ජාලයේ ප්‍රාර්ථනයයි.

 

රශේන් සුපේශ්ල බණ්ඩාර තම උපන් දින දා පානදුර ආලෝකා වැඩිහිටි නිවාසයේ ජීවත්වන වයෝවෘද්ධ මහළු මවුපියන් වෙත සංග්‍රහ කරනු ලබන අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි.