අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 62 වෙනි ජන්ම දිනය පෙබ්‍රවාරි 2 වෙනි ලබන සෙනසුරාදාට යෙදී ඇත. ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරා පත්කරනු ලැබූ දෙවන අපොස්තුළු තුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා දැනට ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමා වේ.

 

මීට වසර 62කට ප්‍රථම පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ට මීගමුවේ පුද්ගලීක සාත්තු නිවාසයකදී මෙලොවට උපත ලද ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ දෙමාපියන් වූයේ, ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයන් වූ ජී. සී. අපොන්සු මැතිතුමා සහ එම මැතිණියයි.

 

උපතින්ම විශාල ධනයකට උරුමකම් ඇතිව උපත ලද ශුද්ධෝත්තම අපොස්තුළු තුමා අදටත් සිය පුද්ගලීක නඩත්තුව සඳහා බැතිමතුන්ගේ පක්‍ෂුරු පාවිච්චි නොකරයි. එපමණක් ද නොව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පොදු කටයුතු සඳහා ද උන්වහන්සේ සිය පුද්ගලීක මුදල් යොදවනු ලබයි.

 

පවට බය ඇති පිනට ලැදි ඇති සමාජයක් බිහිකරලීම සදහා ජාති, ආගම්, පක්ෂ, පාට, භේදයෙන් තොරව ජනතාවට නිසි මග පෙන්වා දෙන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දේශනාවන්ට සවන් දීමෙන් බොහෝ දෙනෙක් තම ජීවිත වෙනස් කරගෙන ඇත, පාපයේ විපාකය කෙලෙස දැයි තේරුම් ගෙන ඇත.