රහසින් දිළිඳුන් සොයා ගොස් සරණය වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා

අපේ සමාජය හරි අපූරු තැනකි. ඒ තුල ජීවත්වන්නෝ විටෙක අසුන්දරය. තවත් වරෙක බොහෝ සුන්දරය. ඒත් බොහෝවිට ඇසෙන්නේ අසුන්දර කතාය. නීතියක් නැති විනයක් නැති රටක කරාමය ඇරියා සේ සමාජ සම්මුතීන් බිඳ වැටෙමින් පවතී. එහෙව් සමාජයක ජීවත්වන බහුතරයක් මිනිසුන් අසුන්දර යයි කීම අයුක්ති සහගත යැයි මම නොසිතමි.   එහෙත් එවැනි සමාජ පරිසරයක් තුළ තවමත් නාය නොගිය මිනිසත්කමේ…

එකම වරදට දෙවරක් සමාව ඉල්ලන්න එපා, ඒක මනුෂත්වයේ ගුණාංගයක් – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා 2014 පෙබ්‍රවාරි 22 වෙනි සෙනසුරාදා දින සවස ශුද්ධවු අපොස්තූළුතුමන්ලා වන පේදුරු සහ පාවුළු අපොස්තුළු තුමන්ලාගේ නාමයන්ට කැපකර ඇති ශුද්ධවු පේදුරු සහ පාවුළු උයනේදී පවත්වනු ලැබූ දිව්‍ය පූජාවේදී, සෑම භාෂාවකම ඇති ‛‛සමාව’’ නැමති වචනය පිළිබඳව රැස්ව සිටි බැතිමතුන්ට පැහැදිලි කරමින් සිය දේශණය පවත්වනු ලැබුවා.   ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ප්‍රකාශ…

අභාවප්‍රාප්ත ඇග්නස් මෙරායා ද සිල්වා මහත්මියගේ අවසන් කටයුතු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවේ

මීගමු, කුරණ පදිංචිව සිටි ඇග්නස් මෙරායා ද සිල්වා මහත්මිය 2014 සැප්තැම්බර් 14 වෙනි දින අභාවප්‍රාප්ත වූ අතර, භූමදානය සැප්තැම්බර් 16 වෙනි අඟහරුවාදා සවස සිදු කරන ලදී.   අභාවප්‍රාප්ත ඇග්නස් මෙරායා ද සිල්වා මහත්මියගේ අවමගුල් මෙහෙය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය. අවසාන පිළිවෙත් සඳහා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, දේහය තැන්පත් කර තිබූ ඇග්නස්…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් පවත්වනු ලබන පොදු ජනතා හමුව (2014 පෙබ්‍රවාරි 15)

සෑම සති අන්තයකම සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පොදු මහජනතාව සමුවීම සඳහා පවත්වනු ලබන ජනතා හමුව, කිසිදු භේදයකින් තොරව මෙම අපොස්තුළු තුමා වෙතින් ආශිර්වාදය ලබා ගැනීම පිණිස ජනතාවට හිමිවන ඉතාමත් භාග්‍ය සම්පන්න අවස්ථාවක් වේ.   2014 පෙබ්‍රවාරි 15 වෙනි සෙනසුරාදා සවස ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන…

ජීවිතයේ භයානකම වංගුව විවාහයයි – ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ප්‍රකාශ කරයි

‛‛විවාහය යනු එක් කෙනෙක් මත අනෙකා ජීවත් වීමක්, නිදසුනක් ලෙස මැටියෙන් තැනූ ප්‍රතිමා දෙකක් කඩා, එයින් එක මැටි පිඩක් තනා, නැවතත් පෙර ප්‍රතිමා දෙක ඒ නව මැටි පිඩෙන් තැනීමක් වැනියි.’’   අති උතුම් රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙසේ පැවසුවේ 2014 පෙබ්‍රවාරි 15 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදීයි.   මීගමුව, මුන්නක්කරයේ පදිංචි වෙනීරියස්…

අපොස්තලික මාධ්‍ය ජාලය නවීන එච් ඩී තාක්ෂණයට පිවිසෙයි

අපොස්තලික මාධ්‍ය ජාලයට අනුබද්ධ අපොස්තලික රූපවාහිනී සේවයේ නව චිත්‍රාගාරය සඳහා ලොව ඉතාමත් දියුණු එච් ඩී තාක්ෂණික උපකරණ පසුගියදා ලබා ගන්නා ලදී. අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විශාන් මහතා මෙම කටයුතු සඳහා 2014 ජූනි 13 වෙනි සිකුරාදා ඇමරිකාව බලා පිටත්ව ගිය අතර, ඔහු ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේ ජූනි 22 වෙනි ඉරුදිනයේයි.   මෙම උපකරණ අපොස්තලික රූපවාහිනී සේවයේ…

අභාවප්‍රාප්ත එස්. ඩී. බණ්ඩාරනායක මහතාගේ දේහයට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාගෙන් අවසන් ගෞරව

දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ පියාණන් වන අභාවප්‍රාප්ත එස්. ඩී. බණ්ඩාරනායක මහතාගේ දේහයට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා 2014 ජූනි 5 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රියේ අවසන් ගෞරව දක්වනු ලැබූහ.   අභාවප්‍රාප්ත එස්. ඩී. බණ්ඩාරනායක මහතාගේ දේහය තැන්පත් කර ඇති යක්කල, මඩුගස් වලව්වට ගිය ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා දේහයට අවසන් ගෞරව දක්වමින් පවුලේ ඥාතීන් වෙත…

සැමටම සමානව සලකන නීතිය සාධාරණ නොවේ, එහෙත් සැමටම සාධාරණව සලකන නීතිය පමණක් උත්තරීතර නීනිය වේ – ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ප්‍රකාශ කරයි

‛‛නීතියක් යනු වචනවලින් සෑදුන වගන්තියකට හෝ වගන්ති කීපයකට සීමා වූවක් නොවෙයි. එය විනය ගරුක උතුම් මිනිසුන් සාදනු ලබන ජීවයෙන් පිරුණ වදන් පෙලක්. ඒ නිසා සැමටම සමානව සලකන නීතිය සාධාරණ නොවෙයි, එහෙත් සැමටම සාධාරණව සලකන නීතිය පමණක් උත්තරීතර නීතියයි.’’   2014 මැයි 11 වෙනි ඉරුදින සවස අති උතුම් රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ඉහත සඳහන්…

යුග දිවියට විසි වසරක් වෙනුවෙන් තුති පිදීමේ දිව්‍ය පූජාව ශුද්ධෝත්තම අපොස්තුළු තුමාණන්ගේ ප්‍රධානත්වයෙන්

මීගමුව, මුන්නක්කරයේ පදිංචි වෙනීරියස් ප්‍රනාන්දු සහ සෙල්වින් ප්‍රනාන්දු යුවල විවාහ දිවියට ඇතුළත් වූයේ 1994 ජනවාරි 27 වෙනි දිනයි.   විවාහ මංගල දිව්‍ය පූජාව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුල පවත්වනු ලැබූ අතර, එදා එම විවාහ මංගල දිව්‍ය පූජාව ඔප්පු කරනු ලැබුවේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් විසිනි.   වෙනීරියස් සහ සෙල්වින් යුවලගේ යුග…

මට අවශ්‍ය සියළු ක්‍රිස්තියාණි ජනතාව ජේසුගේ ධර්මය හරියට දැන ගැනීමයි

සෑම මාසයකම පළමුවන සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පැවැත්වෙන සන්ධ්‍යා නුවාන මෙහෙය 2013 මැයි මස 4 වෙනිදා ද පැවැත්වුනේ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙනුයි. ඒ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදීයි.   අති භාග්‍යවත් නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන, කටුනායක අප ස්වාමිදූගේ ගෞරවය සහ මහිමය පිණිස…