‛‛නීතියක් යනු වචනවලින් සෑදුන වගන්තියකට හෝ වගන්ති කීපයකට සීමා වූවක් නොවෙයි. එය විනය ගරුක උතුම් මිනිසුන් සාදනු ලබන ජීවයෙන් පිරුණ වදන් පෙලක්. ඒ නිසා සැමටම සමානව සලකන නීතිය සාධාරණ නොවෙයි, එහෙත් සැමටම සාධාරණව සලකන නීතිය පමණක් උත්තරීතර නීතියයි.’’
2014 මැයි 11 වෙනි ඉරුදින සවස අති උතුම් රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ඉහත සඳහන් ප්‍රකාශය කරනු ලැබුවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ විවිධ සේවාවන් භාර නිලධාරීන් හමු වූ අවස්ථාවේදී යි.
අපොස්තලික නිවහනේ දී පැවති මෙම හමුව අවස්ථාවේදී ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ශුද්ධවු බයිබලයේ සඳහන්, ජේසුස් ස්වාමින් වහන්සේ විසින් ප්‍රකාශිත විවිධ වදන් ගෙනහැර පාමින් ‛අපොස්තුළුවරයේ’ කාර්යභාරය විස්තර කරනු ලැබූහ.
‛‛සාතන්, අහකට යව, නුඹ මට බාධාවකි, නුඹ සිතන්නේ මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ’’ (මතෙව් 16/23) යයි ජේසුස් ස්වාමින් වහන්සේ ශුද්ධෝත්තම පේදුරු අපොස්තුළු තුමාට ප්‍රකාශ කල වදන් ඔස්සේ පැහැදිලි කිරීමක් කල ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා, මිනිසුන් සිතන විධියට නොව දෙවියන් වහන්සේ සිතන විධියට සිතන්නට සියළු මිනිසුන් පුරුදු වූවොත් එවැනි මිනිසුන් පවු කිරීමට බය වෙන බව ප්‍රකාශ කල සේක.
අප කරන සෑම පාපයකටම අපට විපාක විඳීමට සිදුවන බව පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළු තුමා, ඇතැම් මිනිසුන් කරන ක්‍රියාවන් දකින විට බයක් ඇතිවන බවත්, ඊට හේතුව එම ක්‍රියාවන් මුළුමනින්ම පාපයන් නිසා, ඊට මහත් ලොකු දඩුවමක් විඳීමට ඔවුන්ට සිදුවනවා නේදැයි කියා ඇතිවන තැති ගැන්ම බවත් පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළු තුමා, පාපයේ විපාකයන් පිළිබඳව ද නිලධාරීන්ව දැනුවත් කරණු ලැබූහ.
‛‛ජීවිත ගමනේ දී ඔබට අත දෙන කිසිවෙකුවත් අමතක කරන්න එපා. ඒ වගේම මතක තබා ගත්තත් වැඩක් නැහැ, අත දුන් කෙනාව ඔබට මතක ඇති බව ඔහුට දැනිය යුතුයි’’ යනුවෙන් ප්‍රකාශ කල ශුද්ධෝත්තම අපොස්තුළු තුමා කෘත ගුණ දැක්වීමේ ගුණාංගයෙහි ඇති වැදගත් කම ද පැහැදිලි කර දුන් සේක.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ විවිධ සේවාවන් භාර නිලධාරීන්ගේ කැපවීම අගය කරමින් කතා කල අපොස්තලිකාසන අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා විශිෂ්ඨ සේවාන් කරනු ලැබූ තිදෙනෙක් තෝරාගෙන ඇති බවත්, එම තිදෙනාට ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ සුරතින් මෙදින ප්‍රධානය කිරීමට ත්‍යාග තුනක් සූදානම් කර ඇති බවත් පැවසීය.
ඒ අනුව ස්ටෙෆාන් පෙරෙයිරා, රංග ප්‍රසාද් පෙරේරා සහ වෙනීරියස් ප්‍රනාන්දු යන මහත්වරුන් එම අවස්ථාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ සුරතින් ත්‍යාග ලබා ගත්හ.
අනතුරුව කතා කල අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා, ඉදිරියේ අපොස්තලික මාධ්‍ය කටයුතු ඉතා පුළුල් අන්දමින් යොදාගෙන, ජේසුස් ස්වාමින් වහන්සේම තෝරා පත් කල මේ අපොස්තුළු තුමන්ගේ දහම් පණිවිඩය ලොවට දීම සඳහා විද්‍යුත් මාධ්‍ය යොදා ගැනීමේ නවීනතම ක්‍රම වේදය විස්තර කලේය.
අවසානයේ සියළුම නිලධාරීන්ට ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් වෙතින් ත්‍යාග හිමි විය.
2014 මැයි 11 වෙනි ඉරුදින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, අපොස්තලික නිවහනේ පුස්තකාලයේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා, සිද්ධස්ථානයේ විවිධ සේවාවන් භාර නිලධාරීන් හමුවූ අවස්ථාව පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි