උච්චාරණය කල යුතු දවසක්, වේලාවක් සහ ස්ථානයක් ද නියම වී ඇති යාච්ඤාවක් නිර්මල කන්‍ය මරිය තුමිය වෙනුවෙන් ලොව කොතැනක හෝ ලියවී ඇත්නම් ප්‍රථම වරට එවැනි යාච්ඤාවක් ලියා ඇත්තේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසිනුයි. අපොස්තුළුතුමෙක් විසින් ලියා ඇති ලොව එකම යාච්ඤාව ද මෙයයි. මේ වන විට මෙම යාච්ඤාව නිර්මල මරිය තුමියගේ හාස්කම් යාච්ඤාව බවට පත්වී ඇත්තේ, මෙම යාච්ඤාවට සහභාගි වීමෙන් අපමණ වරප්‍රසාද රැසක් සැදැහැවතුන් ලබාගෙන ඇති අතර, අපමණ වරප්‍රසාදයන් ලබා ගනිමින් ද සිටින නිසයි.

 

මේ මහා බලගතු හාස්කම් යාච්ඤාව සෑම සෙනසුරාදාවකම සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පූර්ණ ජනතා සහභාගිත්වයෙන් උච්චාරණය කෙරෙන අතර මෙම හාස්කම් යාච්ඤාවේ තවත් විශේෂත්වයක් වන්නේ, තම තමා නිර්මල කන්‍ය මරිය තුමියගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ලිවූ කුඩා ලිපියක් හාස්කම් යාච්ඤාව උච්චාරණය කරනු ලබන අවස්ථාවේ උඩට ඔසවාගෙන සිටීමයි.

 

පසුගිය සෙනසුරාදා (ඔක්තෝම්බර් 6 වෙනිදා) උදෑසන සිට අප මුළු දිවයිනටම මහ වැසි ඇද හැළුනත්, ඒ මහා වැස්ස ද නොතකා දිවයිනේ දුර බැහැර ප්‍රදේශයන්ගෙන් පවා සැදැවත් ජනතාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී ආවේ, සවස පැවැත්වූ හාස්කම් යාච්ඤාවට සහභාගි වීමේ එකම බලාපොරොත්තුවෙනුයි. හාස්කම් යාච්ඤාව උච්චාරණය කරනු ලැබුවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලයි.

 

නිර්මල කන්‍ය මරිය තුමිය වෙනුවෙන් කියවෙන මෙම හාස්කම් යාච්ඤාවට සහභාගි වීමෙන් බොහෝ වරප්‍රසාද තම ජීවිතයන්ට අත්කර ගැනීමට ඇති හැකියාව පිළිබදව පැහැදිලි දැනීමක් ඇති බොහෝ සැදැහැවතුන් සතිපතා මෙම යාච්ඤාවට සහභාගි වීම පුරුද්දක් ද කරගෙන සිටී.

 

පසුගිය ඔක්තෝම්බර් 6 වෙනි සෙනසුරාදා මහ වැසි මැද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුල දී සැදැහැවතුන් හාස්කම් යාච්ඤාවට සහභාගිවන අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි